ඉදිරි මහ මැතිවරණයට 'හංසයා' ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් ඊයේ (07) කරු ජයසුරියගේ නිවසේ කැඳවා රැස්වීමට සජිත් පාර්ශවයේ නියෝජිතයින් සහභාගී වී ඇතත් රනිල් පාර්ශවය සහභාගී වී නොමැත.

'සමගි ජන බලවේගය' සමග එකතුව 'හංසයා' ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දෙපාර්ශ්වය අතර පසුගිය දින කිහිපයේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද දැන් එවැනි අවශ්‍යතාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ සිය කණ්ඩායමට පෙන්වා දී තිබේ.

ඒ අනුව, 'සමගි ජන බලවේගය'  ව්‍යවස්ථාවේ නීතිමය ගැටලු පවතින බව සඳහන් කරමින්,  ‘අලියා’ ලකුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

 

ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වීමේ අවධානම :

සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂය වෙනත් ලකුණක් යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලුව කේන්ද්‍ර කර ගනිමින් කිසියම් පුද්ගලයකු ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළහොත් නාමයෝජනා ලේඛන අහෝසි වීමේ අවදානමක් ඇති බව එජාප නීති විශාරදයින් පෙන්වා දී ඇත.

හිටපු කථානායක කරු ජයසූරියට බලතල ලබා දෙමින් මහ මැතිවරණය මෙහෙයවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර තීරණය කළද ඩුබායි සංචාරය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණි පසු එම තීරණයද ඉවත් කර ගෙන තිබේ.

ඔහු විසින් කරු ජයසූරියට පෙන්වා දී ඇත්තේ මහ මැතිවරණය මෙහෙයවීමට පක්ෂයේ දෙවන පරම්පරාවට අවස්ථාව ලබා දිය යුතු බවයි.

මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලේඛන සකස් කිරීමද මේවනවිට ආරම්භ කර ඇති අතර, නාම යෝජනා ලේඛන ලබන බදාදා (11දා) දිනට පෙර සකස් කරන ලෙස පක්ෂ නායකත්වය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්