ජනාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවද ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක සඳහන් කළේය.

මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද ඊයේ (08දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක පැවසිය.

ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල් සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්