පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත්

ඊට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව ද එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික රණවක කියා සිටියි.

ඒ සඳහා "දේශය වෙනුවෙන් එක්වන පියවරක්" වැඩපිළිවල ඔහු විසින් පෙබරවාරි 14 වනදා ඉදිරිපත් කෙරිණ.

ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබෙන බව පවසන චම්පික මන්ත්‍රීවරයා, එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බව අවධාරණය කරයි.

රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවලක් වටා පමණක් ගොනුවිය යුතු බවත්,  නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු බවද හෙතෙම කියා සිටියි.

 එහිදී ජනාධිපතිධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවද හෝමාගම ඊයේ (27) පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක පැවසිය.

එම සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කරයි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්