රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමෙන් පසු 27 දා හදිසියේම මිය යාමේ

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර පැවසීය.

කො - ඇමොක්සික්ලේව් නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබේ.

කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි අයෙකි.

ඔහු කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු බව සඳහන් වෙයි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, නිසි පරීක්ෂාවකින් තොරව, ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිහටම උත්සාහ කරන බවයි.

 

මෙය රෝගියාගේ රෝග තත්වයට අදාල හෝ ප්‍රතිකාරයෙන් අපේක්ෂිත තත්වයක් නොවන බැවින්, සැක සහිත මරණයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ සිය නිවේදනය මගින් අවධාරණය කරයි. 

අදාළ රෝගියාට එම එන්නත ඊට පෙර 11 වතාවක් එන්නත් කර ඇති අතර 12 වැනි වර එය එන්නත් කිරීමත් සමඟ ඔහු මියගිය බව අදාළ එන්නත එන්නත් කළ හෙදිය සිය වාර්තා වේ සටහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේවුද, එම එන්නත නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සිය වාර්තාවේ සටහන් කර ඇත්තේ මේ රෝගියා මියගොස් ඇත්තේ කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත් කර ටික වේලාවකට පසුව බවයි.

මෙම රෝගියා සඳහා භාවිත කල ප්‍රතිජීවක එන්නත හේතුවෙන් මේ වන විට මරණ දහයකට වඩා අධික සංඛ්‍යාවක් සිදු වී ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම කැපී පෙනෙන ගැටළුවක් බවත්, ඖෂධ ඛාණ්ඩයකින් කැපීපෙන සංකූලතා තුනකට වඩා සිදු වුවහොත්, එම ඔෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂිය ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව තවදුරටත් ඉතා අපැහැදිළි බවත් රවී කුමුදේශ් පවසයි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්