සමගි ජන බලවේගය තවත් පක්ෂ හා සංවිධාන ගණනාවක් සමඟ ස්ථාපිත කිරීමට යන නව දේශපාලන සන්ධානය පිහිටුවීම

අප්‍රේල් මස 05දා සිදුකිරීමට නියමිත බව සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසිය.

'සමගි ජන සන්ධානය, යනුවෙන් හඳුන්වන නව දේශපාලන සන්ධානය සඳහා දෙමළ, මුස්ලිම් හා වතුකර පක්ෂ ගණනාවක්ද සම්බන්ධ වෙයි.

ඊට අමතරව ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ ගණනාවකට සම්බන්ධ වී සිටි දැනට ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන පක්ෂ ගණනාවක්ද නව සන්ධානය සමඟ සන්ධානගත වීමට නියමිත බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට හිමිවනු ඇත.

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්