බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන විවිධ අපරාධවල යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන්

සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳකම් පවත්වමින් ඔවුන්ගෙන් අයුතු ලාභ ප්‍රයෝජන ලබාගන්නා පොලිස් නිලධාරීන් හඳුනා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි වාර්තා වේ.

මෙවන් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවට එල්ලවන හානිය සුළුපටු නොවන බව තේරුම් ගැනීමත් සමඟ ඔවුන්ට එරෙහිව ක්‍රියාකිරීමට පොලිස්පතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ඇල්ටෝ ධර්මේ’ සහ ‘කුඩු අංජු’ නමැත්තන් සමඟ සමීප සබඳතා පවත්වමින් එම කල්ලිවලින් මුදල් ලබාගත් බවට සැක කෙරෙන පොලිස් ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධ හඬපටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමග මෙවන් සංවිධානාත්මක කල්ලි සමඟ සමීප සබඳතා පවත්වන සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.

මෙවන් දූෂිත නිලධාරීන් ගැන ඔවුන් රාජකාරි කරන සෙසු පොලිස් නිලධාරීන්ගෙන් සහ එකී වසම්වල පදිංචි මහජනතාවගෙන් හා ආරක්ෂක කමිටුවලින් ද තොරතුරු ලබා ගැනීමට බුද්ධි නිලධාරීන් යොදවා තිබේ.

දූෂිත නිලධාරීන් නිසා පොලිසිය ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලට ද ගෙන දී ඇත්තේ දැඩි බලපෑමකි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනාට උදවු උපකාර කරමින් කටයුතු කළ රහස් පොලිසියේ කිහිප දෙනෙකු ගැනද වාර්තා වී තිබූ අතර ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වූ ඇතැම් නිලධාරීන් මෙරටින් පැනගොස් ද තිබේ.

(mawbima.lk - කීර්තී මෙන්ඩිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්