ලංකාවේ තිබෙන වත්කම්වලින් උපරිම ප්‍රතිලාභ ලැබීමට රාජ්‍ය ව්‍යවසායයන් මෙන්ම අනෙකුත් වත්කම්

යොදා ගත යුතු යැයි විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.

ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවට අයත් රාජ්‍ය දේපල විකුණා හෝ උපරිම ප්‍රතිලාභ ලැබීමට කටයුතු කළ යුතු බවයි.

“මේවා රජයට අයත් ඒවාය රජයේ අයිතිය විකිණීමට ඉඩ දිය නොහැකියයි පුහු මත තවමත් ඉදිරිපත් කරමින් තිබෙනවා, එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. රාජ්‍ය දේපල කියන්නේ ජනතාව සතු වත්කම්ය, ඒවාට ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කුමක් ද, ප්‍රතිලාභ ලැබෙන්නේ නැතිනම් ඒවාට රජයක් වග කිව යුතුයි. මැද පෙරදිග රටවල් 1970 ගණන්වලදී විකුණූ නිසයි එම රටවල් අද දියුණු වෙලා තිබෙන්නේ. අපේ පොස්පේට් නිධිය විකුණන්නැයි වසර 20 කට පෙර බැංකු කරුවෙකු ලෙස මම කිව්වා. එවන් සම්පත් කලට වෙලාවට විකුණුවේ නැතිනම් එහි ප්‍රතිලාභ අහිමි වන කලක් ඒවි. අද වන විට විදුලිය උත්පාදනයට තෙල් පාවිච්චිය වෙනුවට පුනර්ජනනීය ක්‍රම හරහා ජලය, සුළං බලය සහ සූර් ය ආලෝක භාවිතය වැඩිවෙලා තිබෙන්නේ. ඕනෑම වත්කමකට වැඩිම ප්‍රයෝජනය තිබෙන්නේ එක කලකට පමණි.”

1988 අංක 30 දරන බැංකු පනතට ගෙනා සංශෝධන කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මේ බව කියා සිටියේය.


කෝප් කමිටුවට බලය ඉල්ලයි

කෝප් කමිටුව සම්බන්ධව අදහස් දැක්වු මන්ත්‍රීවරයා එම කමිටුවට නීතිමය කටයුතු සඳහා අවසර ඉල්ලා සිටියේය.

“යම් අක්‍රමිකතාවයක් දූෂණයක් සොයා ගත් විට එය සෘජුව අල්ලස් කොමිසමට හෝ නීතිපති වෙත යොමුකිරීමේ බලය කෝප් කමිටුවට පැවරීමට හැකිවන පරිදී ස්ථාවර නියෝග වෙනස් කළ යුතුයි.” යැයි ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කෝප් වාර්තාව මත කිසිවක් නොකරන බැවින් කෝප් කමිටුව කතා සාප්පුවක් පමණකි යන මතයක් රටේ ඇති වී තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දුෂණ අක්‍රමිකතා යොමු කිරිමේ බලය කෝප් කමිටු වෙත ලබා දුනහොත් කමිටුව පිළිබඳ ජනතා විශ්වාසය වැඩි වනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්