විතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම 6%ට 8%ට පහත දමා ඇති බව

විපක්ෂ නායකවරයා පවසයි.

ඔවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් ඒ වැඩිහිටි ජනතාව තමන්ගේ බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ අද මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කියා සිටියේය.

දූදරුවන් මෙන්ම වැඩිහිටියන් ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට එම පොලි අනුපාත බාලයටත් වඩා අඩු කර ඇති මොහොතක සියලුම දේශපාලනඥයන් මේ ගැන අවධානය යොමු කළ යුතු බව පවසන විපක්ෂ නායකවරයා මේ නිසා වැඩිහිටියන්ට අත් වන ඉරණම ගැන අවධානය යොමු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බව කියා සිටියේය.

එම යෝජනාව මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරන්නේ.

 
(චතුරංග මේදිස්)

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්