බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් විය.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් ව්‍යාපාරිකයන් ලබා ගන්නා අයුතු ලාභය සහ බදු රජයට අය කර ගෙන එම මුදලින් ජනතාවට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම සඳහා ක්‍රියා කිරීම රජයේ වගකීමකි.

ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ වැදගත් උත්සව අවස්ථා එළඹෙන උත්සව සමයට පෙර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා වෙළෙඳ ප්‍රජාව සමග සාකච්ඡාවක නිරත වී තිබේ.

පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීම සහ වෙළෙඳපොළ විමසුමක් සිදු කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාර්තු 05 වැනිදා පිටකොටුව තොග වෙළෙඳපොළ පරිශ්‍රය වෙත ගොස් තිබේ.

උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් විය යුතු බව ඔහු එහිදී අවධාරණය කර ඇත.

WhatsApp Image 2024 04 06 at 6.44.50 AM

WhatsApp Image 2024 04 06 at 6.44.51 AM 2

WhatsApp Image 2024 04 06 at 6.44.51 AM 1

                        

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්