චරිත ඝාතන මඩ දේශපාලනය නොව රට ගොඩ නගන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාද කිරීමට එන ලෙස විපක්ෂ නායකවරයා විවෘත ආරාධනාවක් කර තිබේ.


තමා ඒ සඳහා කැමැත්තෙන් පැමිණෙමින් සමගි ජන බලවේගයේ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

 

සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක රටේ අනාගතය ගැන, ඉදිරිපත් කරන විකල්ප ගැන විවාදයක් කිරීමට සූදානම් බවත් එම විවාදයට එන විට බලයක් නොමැතිව ජනතාවට කර ඇති සේවාව ගැනත් කතා කිරීමට එන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ  පුත්තලම ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමින් විපක්ෂ නායකයා කියා සිටියේ විවාදය සඳහා තමා මෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව පවා සූදානම් බවයි.

රෝහල් උපකරණ, සුහුරු පන්ති කාමර උපකරණ සහ බස් රථ ලබා දීම බෙදිල්ලක් කියමින් අපේ රටේ සමහර පුද්ගලයන් එයට විරුද්ධ වී තමාට විවිධ අන්වර්ත නාම පටබඳිමින් සිටින බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ අන්වර්තනාම පටබඳින පුද්ගලයන්ගේ පාසල්වලට ද තමා බස් රථ ලබා දුන් බවත් එසේ පරිත්‍යාග කළ පසුත් එම බස් රථය අබලන් වී ඇති බවට බොරු ප්‍රවෘත්ති සමාජ ගත කරමින් කුහක ක්‍රියා සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්