ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු

මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

පක්ෂය ශක්තිමත් කිරීමේ පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කී නාමල් රාජපක්ෂ,  තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බව පැවසීය.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.

පොදුජන පෙරමුණ මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවද නාමල් රාජපක්ෂ පැවසීය.


(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)



 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්