අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක්

ආරම්භ කර තිබේ.

ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මතයි.

එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ විසින් ගායනා කරන අවුරුදු ගීතයක්.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් සෝමරත්න විදානපතිරණසඳහන් කළේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

(News1st)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්