දැනට සේවයේ නියුතු 35,000 ගුවන් හමුදා සාමාජිකයන් ප්‍රමාණය 2030 වන විට 18,000 දක්වා අඩු කිරිමට බලාපොරොත්තු වන බව ගුවන්

හමුදාපතිවරයා පවසයි.

අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ කියා සිටියේ නව තාක්ෂණය යොදා ගනිමින් භට පිරිස් අඩු කිරිමට බලාපොරොත්තු වන බවයි.

“වාණිජ වෙළෙඳපොළේ දැනට තියෙන තාක්ෂණය පවා යොදා ගෙන අපිට පුළුවන් භට පිරිස් අඩු කරන්න. උදාහරණයක් හැටියට කියනවා නම්. අපිට දැන් අපේ පිරමීටර් සිකියුරිටි. අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක්. සමහරවිට කිලෝමීටර් 10ක් විතර වෙනවා. වටේට අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද? ඒවා අපිට කැමරා වගේ දේවල් යොදාගෙන ඒවා අපිට තොරතුරු තාක්ෂණය යොදා ගෙන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන යුඅයිබි තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක.

අද අපිට ඩ්‍රෝන යානාවක් යොදා ගෙන සමහර විට කිලෝමීටර 5ක් විතර ඒ ඩ්‍රෝන යානාව යොදා ගෙන එක පාර ආවරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තාක්ෂණය යොදා ගෙන බොහොම සරල තාක්ෂණය යොදා ගන්න තමා අපි හදන්නේ. අපේ භට පිරිස් ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේ අපි තාක්ෂණයෙන් ඉස්සරහට යනවා ඒක අපි නවත්තනේ නෑ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දවස්වල 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂතාවය අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙද්දී 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉස්සරහට ගිය මෙහෙයුම් සාක්ෂතාවයක් ස්ථාපනය කරන්න.”

 
(චතුරංග මේදිස්)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්