එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකගැනීම වෙනුවෙන් ද,

ඊට විරුද්ධවද ජිනීවා නුවර පවත්වන්නට සූදානම් කර තිබූ රැස්වීම් ගණනාවක් අත් හිටුවන්නට සිදුවී තිබේ.   කොරෝනා වයිරස් භීතිකාව නිසා දහසකට වැඩි පිරිස් එක්වන ප්‍රසිද්ධ ඒකරාශී වීම් තහනම් කිරීමට ස්විට්සර්ලන්ත රජය පියවර ගැනීමත් සමග ප්‍රධාන සමුළුව හැර මානව හිමිකම් වලට අදාළ වෙනත් පරිවාර රැස්වීම් සියල්ල අහෝසි කරන්නට එජා අධ්‍යක්ෂ ජනරාල් තීන්දු කළ බව මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිනි එලිසබත් ටිචි-ෆිස්ල්බර්ගර් ජාත්‍යන්තර නියෝජිතයන්ට දැනුම් දුන්නාය.   ඒ අනුව ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන ගණනාවකටම තම අදහස් දැක්වීමට තිබූ ඉඩ ඇහිරී ගොස් තිබේ.

 

පරිවාර රැස්වීම් දෙසීයක් අවලංගුයි :

මානව හිමිකම් මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් යෝජනාවට විරුද්ධව කරුණු දැක්වීමට සැරසී සිටි මහාචාර්ය ඩොනල්ඩ් චන්ද්‍රරත්න,  බ්‍රිතාන්‍ය නීතිවේදී ජෙයරාජ් පලිහවඩන, රිෂ් උඩවත්ත, ස්විට්සර්ලන්තයේ රනිල් ජයනෙත්ති, නීතිඥ ටෙනී ප්‍රනාන්දු, නුවන් බෙල්ලන්තුඩාව, එක්සත් ජනපදයේ ඇන්ජලිකා සිල්වා, ඕස්ට්‍රේලියාවේ ජානකී චන්ද්‍රරත්න ඇතුළු පිරිස් වලට ඒ සඳහා තිබුණු අවස්ථාව අහිමි වෙයි.

''දෙමළ ඩයස්පෝරා ක්‍රියාධරයන්ගේ සහ
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල
රැස්වීම් ගණනාවකටද කොරෝනා වෛරසය නිසා තහංචි වැටී තිබේ. ''

ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට නැගී ඇති යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට බලපෑම් කිරීම සඳහා සුදානම් කර තිබූ දෙමළ ඩයස්පෝරා ක්‍රියාධරයන්ගේ  සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල රැස්වීම් ගණනාවකටද කොරෝනා වෛරසය නිසා තහංචි වැටී තිබේ.     මාර්තු 20 දායින් අවසන් වන මානව හිමිකම් සමුළුවට සමාන්තරව පැවැත්වීමට සංවිධානය කර තිබූ පරිවාර රැස්වීම් දෙසීයක් අවලංගු කරන්නට සිදුවී ඇති බව මානව හිමිකම් ප්‍රකාශක රෝලැන්ඩෝ ගෝමස් මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්