මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස (ලබන මස) දෙවැනි සතියේදී

හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුල් පෙළේ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් විසින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව දීපව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඇතුළත් වාර්තාව මැයි මස දෙවැනි සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට නියමිතය. එම වාර්තා සලකා බලා ජනාධිපතිවරයා සිය අපේක්ෂකත්වය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.

එයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය සහාය පළ කරන අපේක්ෂකයා නම් කරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිය පක්ෂය සුදුසු ජනාධිපති ධුර අපේක්ෂකයකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් බවය. ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු බවද සඳහන්ය.

සමගි ජන බලවේගය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම්කර ඇති අතර ජාතික ජන බලවේගය සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ව නම්කර තිබේ. මව්බිම ජනතා පක්ෂය සිය අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර ඇත.

(deshaya.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්