කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සමග සටන් කිරීම සඳහා ගත් හදිසි පියවරවල තවත් දිගුවක් ලෙස

සඳුදා (16) දිනය රජයේ නිවාඩු දවසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සඳුදා දිනය බැංකු ‍හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අතර ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති 2ක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පින්නවල අලි අනාථාගාරය, රීදිගම සෆාරි උද්‍යානය යන ආයතන දඊට ඇතුළත් වෙයි.

 

මහජනයා ගැවසෙන උත්සව තහනම් !

රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත් වීමට සුදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්, උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සියලු ජනතාව දැනුවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති ‍කොරෝනා වසංගතය ලංකාව තුළ වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නි‍රෝධායන හා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

 

නිරෝධායනයට වි‍රුද්ධ වුණොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට

එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහිව වැරදි යටතේ 262 දරණ ජීවිතයට අන්තරාදායක වු යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා හා 263 වගන්තියේ සඳහන් ජීවිතයට අන්තරාදායක වු රෝගයක් බෝවීම පැතිර වීමට තුඩු දෙන ද්වේශ සහගත ක්‍රියා මෙන්ම 264 දරණ රෝග නිරෝධායන රීතියකට අකීකරු වීම යන වගන්ති යටතේ රෝග නිරෝධායන සම්බන්ධයෙන් වැරදි දක්වා ඇත.

ඒ සියලුම වැරදි සම්බන්ධව පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නොමැතිව අත්අංඩගුවට ගත හැකි වෙයි.

ඉහත වැරදි ප්‍රතිපාදන යට‍තේ යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා දීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදනවලට අදාල විය යුතු අතර එම පනතේ 6 - 1 වගන්තිය අනුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සාමය කඩවීමක් විය හැකි බවට අදාල ‍පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඇප ලබා නොදී සැකකරු හෝ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.

එම පන‍තේ 14 වගන්තිය අනුව එම කාරණා මත මහේස්ත්‍රාත්වරයෙකු විසින් ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ හැකියාව ද පවතින බව පොලීසිය පවසයි.

තවද 1979 අංත 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 (1) වගන්තිය ප්‍රකාරව යම් සංඥය වරදක් සිදු කිරීමේ වැලැක්වීමේ කාර්ය සඳහා සෑම සාම නිලධාරියෙකු විසින්ම මැදිහත් වී ක්‍රියාකරනු ලැබිය හැකියි.

එය තමාගේ උපරිම හැකියාව යොදා වැලැක්විය යුතුයි.

ඒ අනුව යම් තැනැත්තෙක් රෝග ‍නිරෝධායනය හා වැලැක්වීමේ ආඥා පනත යටතේ ප්‍රතිපාදන ‍හෝ රෝග නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරන්නේ නම් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රොහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 

ස්පාඤ්ඤයත් සඳුදා සිට රටම ලොක්ඩවුන් කරයි !

Image result for spanish covid

මේ අතර කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සමග සටන් කිරීම සඳහා ගත් හදිසි පියවරවල තවත් දිගුවක් ලෙස ස්පාඤ්ඤ රජය ලබන සඳුදා සිට සමස්ත රටම ලොක්ඩවුන් හෙවත් වසා දැමීමේ තීරණයක් කෙටුම්පත් කර තිබේ.

රජය පවසන්නේ මෙම නීතිමය තත්ත්වයේදී ස්පාඤ්ඤ ජාතිකයන් ආහාර මිලදී ගැනීම, ෆාමසිය හෝ රෝහල වෙත යෑම, හෝ රැකියාව හෝ වෙනත් හදිසි අවස්ථා හැර නිවසේ රැඳී සිටිය යුතු බවයි.

එමෙන්ම මෙම කාලය තුළ රට තුළ පොදු ප්‍රවාහන කටයුතු සීමා කරනු ඇති නමුත් එය අත්හිටුවනු නොලබන බවද ස්පාඤ්ඤ රජය කියයි.

මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, එහි කොටසක් ලෙස ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය හා ප්‍රාදේශීය බලකාය ඇතුළු සියලුම පොලිස් බලකායන් පාලනය කරනු ඇත.

සෞඛ්‍ය හා ප්‍රවාහන අමාත්‍යාංශවලටද දේශීය හෝ ප්‍රාදේශීය බලතල පවරා ගනිමින් රටපුරා ළඟා විය හැකි ලෙස කටයුතු කරනු ඇත.

ඉතාලියෙන් පසු යුරෝපයේ වැඩිම තහවුරු වූ රෝගීන් සංඛ්‍යාවෙන් දෙවැනි ස්ථානයට ස්පාඤ්ඤය පත්ව ඇති අතර, එරට තුළ ආසාදිතයන් 5,753ක් සහ මරණ 136ක් වාර්තා වෙයි.

සබැඳි පුවත් :

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? 

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා ! 

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්