ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන

බව එම පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර 'ඉරිදා දේශය' පුවත්පතට ප්‍රකාශ කර ඇත.

එක් ප්‍රධාන පෙළේ පක්ෂයකින් ලැබී තිබෙන යෝජනාවක් අනුව ජනාධිපති තනතුර සහ අගමැති තනතුර බෙදා ගැනීමට යෝජනා කර ඇතැයි ද ඔහු පවසයි. එහෙත් ඒ කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය ප්‍රතිචාර නොදක්වන බවද මහලේකම්වරයා 'දේශයට' අවධාරණය කර ඇත.

ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනත් පක්ෂ සමඟ බෙදා ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්