ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස් හි පාඨමාලා හදාරා අවසන් කළ සිසුන් ජාත්‍යන්තරය සමග සම්න්ධ කර ගමට ඩොලර් ගෙන ඒමේ සැලසුමක් සකසමින් සිටින බව ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.


“ජාත්‍යන්තරය සමග වැඩ කරනව කියන්නේ අපිට ඩොලර් වලින් මුදල් එනව කියන එක. එහෙම වුනාම අපිත් නොදැනුවත්වම අපේ ගම පොහොසත් වෙනවා. ගම පොහොසත් වෙනවා කියන්නෙම රටත් නිකන්ම පොහොසත් වෙනවා කියන එක”

ඉදිරි මාස තුන ඇතුලත එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක තවත් එක් වැඩසටහනක් අකුරණ කොනකලගල  ශ්‍රී විජික මහා විහාරයේදී පැවති උත්සවයක දී කියා සිටියේය.

ඩී.ඩී. එඩියුකේශන් අයි.ටී. කැම්පස් හරහා පන්සලත් ගමත් අතර තියෙන සම්බන්ධතාවය වැඩි කිරිමට හැකිවු බව ද ධම්මික පෙරේරා පැවසීය.

ලංකාවේ පිරිවෙන් 400කට ඩිජිටල් පිරිවෙන් පන්ති කාමර ලබා දීමට හැකි වු බව මෙන්ම 2030 වන විට ස්වාමීන්වහන්සේලා 5000ක් වත් ලෝකයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදවීම තවත් එක් බලාපොරොත්තුවක් බව ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති සඳහන් කළේය.

ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපනික ව්‍යාපෘතිය ආසියාවේ අංක එකේ හොඳම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයට බවට පත්ව ඇත.

මෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ තොරතුරු තාක්ෂණික දැනුමෙන් ශ්‍රී ලාංකික ජනතාව සන්නද්ධ කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහි කිරීමයි.

(චතුරංග මේදිස්)

dp ed 1

dp ed2

dp ed 3

 


 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්