නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී

හොඳ පාඩමක් ඉගැන්විමට ජනතාව පෙළ ගැසෙනු ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ සැකයක් නොමැති බවත් 24,000ක් වූ විදුලිබල සේවකයන්ට අභියෝග නොකර මෙම පනතින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබඳව හෙලි කරන්න ලෙසත් ඔහු ඇමතිවරයාට අභියෝග කරයි.

මෙම පනතින් ලක්ෂ 70ක් වන විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන වාසි මොනවාද? විදුලිබිල කීයකින් අඩුකර ගත හැකිද? විදුලි අවශ්‍යතාව කොතෙක් දුරට සපුරාලිය හැකිද?  විදුලිපාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න වහාම ප්‍රකාශ කරන්නැයි ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මහා භාණ්ඩාගාරය සිදී ඇති බැවින් මෙම ආණ්ඩුවට ජනතාවට සහන ලබා දිය නොහැකි බවත් ඔවුන්ගෙන් සහන ඉල්ලිම මෝඩකමක් බවත් පෙන්වා දෙන රන්ජන් ජයලාල් කළ යුතු එකම දේ වන්නේ මෙම ආණ්ඩුව පලවා හැරීම පමණක් යැයි සඳහන් කළේය.

එසේම මැයි මැද වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ සියලුම වෘත්තිය සමිති ඒකරාශී කර කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇතැයිද හෙතෙම හෙළි කරයි.

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී අප්‍රේල් 19 ද පැවති  විශේෂ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

[lankasara.com]


සබැඳි පුවත් :
විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ - ඇමති කාංචන

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්