දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.

එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන දකුණේ ආණ්ඩුකාර ධුරයට වයඹ ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන පත්කිරීමටත්, වයඹ ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍ය නසීර් අහමඩ් පත්කිරීමටත් නියමිතව ඇතැයි ද වාර්තාවේ.


වයඹ ආණ්ඩුකාරවරයා වයඹම තියා ගන්න ජනපතිට බලපෑම්


මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාතට මාරු කිරීම නතර කරන ලෙස එම පළාතේ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව උන් වහන්සේලා ඉදිරි දිනවල මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ලිඛිතව සහ වාචිකව සිදුකිරීමට නියමිත ඇති බවද පැවසේ.

ලක්ෂ්මන් අබේවර්ධන ආණ්ඩුකාරවරයා එම පලාතේ කටයුතු ඉතා හොදින් සිදු කරගෙන යන බැවින් ඔහු එම පලාතේම තවදුරටත් සේවය කිරීමට ඉඩ දිය යුතු බව මහා සංඝරත්නයේ අදහස වී ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්