අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා කැඳවූ රැස්වීම අනීතික විධායක

සභා රැස්වීමක් බව එම පක්ෂයේ උප සභාපති, තිලංග සුමතිපාල පවසයි.

2024 අප්‍රේල් මස 21වන දින පෙ.ව.10.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් අංක 31/A, නව රෝහල පාර, ශ්‍රී ජයවර්ධන පුර, කොට්ටේ මොනාච් ඉම්පිරියල්හීදි පැවැත්වෙන බවට පක්ෂයේ පාලක ලේකම් සනත් වත්තේගෙදර විසින් අප්‍රේල් 20 දින උදෑසන 10.01ට WhatsApp පණිවිඩයක් මගින් තමා දැනුවත් කරන ලද බව පවසන තිලංග සුමතිපාල, පසුව එම පණිවිඩය ඉවත් කර(Delete) ප.ව.12.49ට පෙර කී රැස්වීම ඇතුල්කෝට්ටේ,කෝට්ටේ පාර අංක 536 ස්ථානයේ පිහිටි සෝලිස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන ලෙස  WhatsApp පණිවිඩයක් මගින් තමා  දැනුවත් කර තිබු බවද පවසයි.

මීට අමතරව පක්ෂයේ පාලක ලේකම් සනත් වත්තේගෙදර, විධායක සභාව නියෝජනය කරන සාමාජික සාමාජිකාවන්ට දුරකථනය මගින්ද මෙම පණිවිඩය ලබා දී තිබිණ. 

 
තිලංග ගෙන් දුෂ්මන්තට ප්‍රශ්න පත්තරයක් !

2024 අප්‍රේල් මස 21වන දින පැවැත්වෙන මෙම නිත්‍යානුකූල නොවන විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යව ඇතැයි සඳහන් කරමින් තිලංග සුමතිපාල විසින් වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල වෙත ඊයේ (21) උදැසන ලිපියක් යොමුකර තිබිණ.

එකී ලිපියේ මෙසේ සඳහන් වේ.

* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ඔබට සලසා ඇති ප්‍රතිපාදනය පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියේ සඳහන් වන්නේද ?

* ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙහි දක්වා ඇති පක්ෂයේ උත්තරීතර දේශපාලන මණ්ඩලය හෝ/සහ මධ්‍යම කාරක සභාව කැඳවා මෙම තීරණය ගත්තේ නම් එම බලාධිකාරී සංවිධාන කැඳවීමට පක්ෂ ව්‍යවස්ථාවේ, වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ඔබට සලසා ඇති ප්‍රතිපාදන දක්වා ඇති වගන්තිය කුමක්ද ?

* කොළඹට ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථාන පරිශ්‍රය තුළ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයේ විශාල පිරිසකට අසුන් ගත හැකි රැස්වීම් ශාලාවේ මෙම රැස්වීම පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති පසුබිමක මුදල් ගෙවා මෙම ස්ථානයේ රැස්වීමක් පැවැත්වීමට ඔබ තීරණය කළේ කුමන පදනමකින්ද ? ඔබට එවැනි උපදෙසක් ලබා දුන්නේ කුමන බලාධිකාරියකින්ද ?
 
* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට කොළඹ දිසා අධිකරණය මගින් මැයි මස 09 වැනිදා දක්වා සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණයක් ලබා දී ඇති පසුබිමක පක්ෂයේ සභාපතිවරයකු නොමැතිව පක්ෂයේ වැඩ බලන ලේකම්වරයාට පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, සමස්ත ලංකා කාරක සභාව කැඳවීමට පක්ෂ ව්‍යවස්ථාව මගින් කිසිදු ප්‍රතිපාදනයක් සලසා නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 16X වන වගන්තිය ප්‍රකාරව පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැත.

එවැනි පසුබිමක් තුළ පක්ෂයේ වැඩ බලන ලේකම්වරයා ලෙස ඔබට පක්ෂ ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අභිබවා යමින් අත්තනෝමතික ලෙස අප්‍රේල් 20 දින අනීතික දේශපාලන මණ්ඩල රැස්වීමක් පවත්වා ඇත. මෙලෙස අනීතික ලෙස දේශපාලන මණ්ඩල රැස්වීමක් පැවැත්වීමටත් එහිදී කිසිදු තීරණයක් ගැනීමටත් නීතිමය වශයෙන් කිසිදු බලයක් නොමැති වන අතර, එබැවින් එදින (20)දින රැස්වීමේදී එවැනි කිසියම් තීරණයක් ගනු ලැබුවේ නම් එම සියලු තීරණ අනීතික සහ බල රහිත සහ බල ශුන්‍ය වන බව මම අවධාරණය කර සිටිමි.


''එබැවින් අප්‍රේල් මස 21 වන දින ඔබ විසින් කැඳවා ඇති විධායක සභා රැස්වීම අනීතික එකක් වන අතර එහිදී ගනු ලබන කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවද අවධාරණය කර සිටිමි. තවද පක්ෂ ව්‍යවස්ථාවට අනුව විධායක සභා රැස්වීමක් කැඳවන්නේ නම් ඒ පිළිබඳ විධායක සභාව නියෝජනය කරන සාමාජිකයන්ට රැස්වීම පැවැත්වෙන දින න්‍යාය පත්‍රයද සහිතව විධිමත් ක්‍රමවේදයක් යටතේ කල් තියා එකී රැස්වීම පිළිබඳව දැනුම් දිය යුතු අතර ඔබ එවැනි කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකර පැවැත්වෙන මෙම රැස්වීම කැඳවීම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ඔබට පැවරී ඇති බලතල අභිබවා යමින් සහ වගකීම් විරහිතව කටයුතු කර ඇත.''


 
''විජයදාස පිළිගන්නේ නෑ.. නඩුවෙන් බේරෙන්න පක්ෂය විකුණුව''

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම පිළි නොගන්නා බවයි.  

පක්ෂයේ  සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පවසයි.  ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.

මේ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසන්නේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට එරෙහිව ඇති නඩුවලින් බේරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකිනීමට කටයුතු කරමින් සිටින බවයි.



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්