ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අනන්‍යතාවක් පළ කොට පසුගිය දා අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මහතා ගේ සොහොන් ස්මාරකය වෙත තවමත් විවිධ පිරිස් ඇදී එන බව වාර්තාවේ.

 

ප්‍රදේශයේ තරුණ පිරිස් රාත්‍රී කාලයන් පුරා එහි රැඳෙමින් පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට තනි රකින ස්වභාවයක් පළ කරන බවත් ඒ අතර පසුගිය දින කිහිපය තුළ තවත් පිරිසක් ඒ අබියස පහන් දල්වා ඇති බවත් සමාජ ජාල තොරතුරු ඡායාරූප සහ වීඩියෝ පට මඟින් තහවුරු වෙයි.

පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා

 

යමකු ගේ අභාවයක් මුල් කොට සාමාන්‍ය වශයෙන් සිදු නොවන මෙම සිදුවීම් මාලාව ඒ මහතාගෙන් අනේක විධ පිහිටාධාර ලත් පුදගලයන් සහ ඔවුන් ගේ පවුල් වල පිරිස් විසින් සිදු කරන බව පෙනී යන අතර ඒ මහතා සම්බන්ධයෙන් පවත්නා මෙම භක්ති පූර්වක හැඟීම් දාමය මත සමාජය විසින් ඒ මහතා මතු දේවත්වාරෝපණයකයට (Deification) ලක් කිරීමට ද යම් අවකාශයක් පවතින බව ශාස්ත්‍රීය වශයෙන් පෙන්වා දිය හැකියැයි මානව සමාජ විද්‍යා ක්ෂේත්‍ර සම්බන්ධ විද්වත්හු අනුමාන කරති.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම- vinivida.lk)

සබැඳි ලිපි :
පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි - (මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර)

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්