ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායක පිරිසක් අධිකරණ අමාත්‍යවරයා දිවයින පුරා සිදුකරමින් පවතින

සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස මහත් සේ සතුටට පත්වන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් සඳහන් කර තිබේ.

බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ හා එම සංවිධානයේ සර්ව ආගමින නායක පිරිසක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී හමුවිය.

එහිදි ලංකා මානව හිමිකම් සංවිධානයේ අශිර්වාදය අමාත්‍යවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදුව ඇත.

දිවයින පුරා පිහිටි සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇතිකිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බව අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙහිදි කියා සිටියේය.

මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධානවලට ශ්‍රී ලංකාව තුල සංහිඳියා වැඩසටහන් වලට සෘජුව සහයදීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාවට මානව හිමිකම් ලංකා සංවිධානයේ අනුශාසක මතුරට ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම්, අනුශාසක මව්ලවි අබ්දු රහීම් යන ඇතුළු පිරිසක් එක්විය.

jxldgf

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්