සක්විති රජකම ලබා දෙන පැවසුවත් කූඨ කුමන්ත්‍රණ ඩීල් දැමීමට නොයන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

 

තමාට ඩීල් ඇත්තේ ලක්ෂ 220ක් පොදුජනතාව සමඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 'සක්වල සුහුරු පන්ති කාමර' ලබා දීමේ වැඩසටහනේ 161 වැනි අදියර යටතේ අද හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මීගස්ආර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

හොරුන් දේශපාලනඥයන් සමඟ ගජමිතුරුකම් තිබුණාට තමාගේ යාළුකම් ඇත්තේ රටේ ලක්ෂ 220 ජනතාව සමඟ පමනක් බව ද හෙතෙම පැවසීය.

තමා හොරු සමඟ එකතු වී ජනාධිපතිකම් ලබා ගත්තේ නම් හොරු රකින්න සිදු වන බවත් එහෙත් තමා එවැනි දෙයක් සිදු නොකර සිටි නිසා හොරු රකින්න සිදු නොවූ බවයි සජබ නායකයා පෙන්වා දෙන්නේ.

අදටත් පාස්කු ප්‍රහාරයේ නිවැරදි සත්‍ය හෙළිදරව් වී නොමැත්තේ ගජමිතුරන් රකින්න සිදුවු නිසා බව කී විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධව කාදිනල්තුමා පවා ප්‍රකාශයක් සිදු කර ඇති බව ද සඳහන් කළේය.

මෙවැනි බල තන්හාවක් නිසා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව පයට පෑගෙන දූවිලි තරම්වත් වටිනාකමක් නොමැති වී අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.
 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්