ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඊයේ  (22) අභාවප්‍රාප්ත විය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස අභාප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.

ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ජ්‍යොතිර්වේදීන් අතර බණ්ඩාර මහතා ප්‍රමුඛ විය. කෙසේවුවද පසුකලෙක ඔහුගේ අනාවැකි විවිධ විවේචනයන්ටද බදුන් විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්