ප්‍රමිතියෙන් යුක්ත සහල්වලින් දරුවන්ට කන්න දෙන්න බැරි ආණ්ඩුවක් රට ගොඩගන්නවා යැයි කීම විහිළුවක් විපක්ෂ නායකයා ප්‍රකාශ කරයි.


පසුගිය කාලයේ දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ලබා දීමට ගෙන සහල්වලින් කොටසක් ප්‍රමිතියෙන් තොර කෘමී සහ සතුන් සිටින සහල් බවට හඳුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සමිති ප්‍රධානිය විසින් පවසා ඇතැයි සජබ නායකයා සඳහන් කළේය.

රටේ සිදුවන සෑම දෙයක්ම ප්‍රමිතියෙන් යුතුව සිදුවිය යුතු බවත් දරුවන්ට දිවා ආහාරය දෙනවා කියා කෘමීන් සිටින සහල් ලබා දීම යුක්තිසහගත නොවන සාපරාධී ක්‍රියාවක් බවයි විපක්ෂ නායයක සජිත් ප්‍රේමදාස අවධාරණය කරන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 160 වැනි අදියර යටතේ අද හම්බන්තොට බෙලිඅත්ත ඉහළබෙලිගල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි ඔහු මේ බව පැවසීය.

බලය ලබා ගැනීමට විවිධ කුමන්ත්‍රණ සහ කුලල් කා ගැනීම් සිදුවන බවත් ඒ සියල්ල සිදුකරන්නේ තමන්ගේ සුබසිද්ධිය උදෙසා බලය ලබා ගැනීමට මිස පාසල් 10126 දියුණු කිරිමට නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්