ඉරිදා මධ්‍යම රාත්‍රිය වන විට කොරෝනා වයිරස් නව සිද්ධීන් 16 ක් හා තවත් මරණ 14 ක් චීනයෙන් වාර්තා වී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

චීන ප්‍රධාන භූමියේ තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 80,860 ක් වන අතර සමුච්චිත මරණ සංඛ්‍යාව 3,213 කි.

ඒ සම්බන්ධයෙන් සීජීටීඑන්. (CGTN) මාධ්‍ය ජාලය වාර්තා කර ඇත්තේ මෙසේය.

16 new COVID-19 cases, 14 more deaths reported on Chinese mainland

චීනයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයි ?

චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් නිරෝධායනය නොකරන්නේ ඇයිද යන්න ගැන සමාජයේ කතිකාවතක් මතුවී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ, මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාර්තු 13ද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එබව කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා, මේ වන විට ශ්‍රී ලංකාවට චීනයෙන් පැමිණෙන්නේ මෙහි රැකියා සඳහා පැමිණෙන්නන් පමණක් බවත්, ඔවුන්ව එලෙස චීන රජයේ මැදිහත්වීමෙන් මෙරටදී දින 14ක් නිරෝධායනය කෙරෙන අතර මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින්ද ඔවුන් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරෙන බවත් සඳහන් කළේය.

මේ වන විට චීනයේ කොරෝනා පැතිර යන ප්‍රාන්තයන්හි සිට කිසිම පුද්ගලයෙක් විදේශයන්ට නොයන බව ද ඔහු සඳහන් කළේය.Anil 16

මේ වන විට චීනය රෝගය පාලනය කරගනිමින් තිබෙන අතර එහි රෝගය පවතින හුබෙයි ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශයන්හි ජනතාවට තවමත් ඉන් පිටවීම තහනම් කර තිබෙන බවද අනිල් ජාසිංහ කීවේය.

විදෙස් රටවල සිට පැමිණි 4,794 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ පසුවිපරම් කරන බව කී අනිල් ජාසිංහ, ඉන් 3,035 දෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර 1,153 දෙනෙක් චීන ජාතිකයින් බව ද පැවසීය.

කොවිඩ් 19 රෝගය නිසා ලොවපුරා 5,838 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් 2,539 ක් මිය ගොස් ඇත්තේ චීනයෙන්පිටත දීය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්