ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිවරණ නීති උල්ලංඝනය කළ බව කියමින් මැතිවරණ කොමිසමට

පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙන් චෝදනා කර ඇත්තේ සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂ රැස්වීමකට සහභාගි වී කතාවක් ද පවත්වා ඇති බවයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි නතතුර රජයේ මාණ්ඩලික තනතුරුක් බව පෙන්වා දෙන මාධ්‍යවේදීයා ඔවුන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති පිරිසක් බව සිහිපත් කරයි.

එසේම සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස මාර්තු 10 වැනිදා කුලියාපිටියේ පැවති රැස්වීමේදී හදුන්වා දී ඇති අතර මාණ්ඩලික මට්ටමේ නිලධාරියකු දේශපාලන පක්ෂක තනතුරක් දැරිය හැකි ද යන්න මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ ප්‍රශ්න කරයි.

මෙම රැලියේ දී ජනාදිපති රනිල් වික්‍රමසිංහ විසින් අස්වැසුම ප්‍රතිලාභ දෙගුණයක් කරන බවට පොරොන්දු වී ඇති අතර රජයේ මුදලින් ලබා දෙන ප්‍රතිලාභයක් සම්බන්ධව දේශපාලන රැස්වීමක දී පොරොන්දුවක් ලබා දීම රාජ්‍ය මුදල් අවභාවිතවක් බව පසන්ත රුහුණගේ අවදාරණය කරයි.

පළාත් පාලන ජන්දය සඳහා නාම යෝජනා කැඳවා එය බාර ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ද ඊට නාම යෝජනා බාර දී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය එම රැලිය පවත්වා ඇත්තේ මැතිවරණ කාලයක් ලෙස හැඳින්වෙන වාකවානුවක බවයි මාධ්‍යවේදීයා පෙන්වා දෙන්නේ.

තම පැමිණිල්ල කෙරෙහි අවදානය යොමු කර සාගල රත්නායක නම් රජයේ නිලධාරියා සම්බන්ධයෙන් හා රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධව පියවර ගන්නා ලෙස මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

මැතිවරණ කොමිසම එම පැමිණිල්ල සම්බන්ධයෙන් අප්‍රේල් 25 දා මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

(චතුරංග මේදිස්)


3123545f   

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්