කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති ශ්‍රී ලංකාවේ රෝග ව්‍යාප්තිය වලක්වාලීම සඳහා ජාතික ප්‍රතිපත්තියක

අවශ්‍යතාව අවධාරණය කරන රජයේ සේවක නියෝජිතයෝ එය සිවිල් පරිපාලනයක් යටතට පත් කරන ලෙස රජයට බලකර සිටිති.

ඒ සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විශේෂ පුහුණුව ලත් රාජ්‍ය නියාමන අධිකාරිය වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන මෙන් රාජ්‍ය සේවයේ මුල් පෙලේ  වෘත්තීය සමිති විස්සක් නිකුත් කළ විශේෂ ඒකාබද්ධ නිවේදනයක් මගින් නිර්දේශ කර තිබේ.

“මෙවන් ජාතික ආපදා තත්වයකදී විශේෂ පුහුණුව ලත් රාජ්‍ය නියාමන අධිකාරිය වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු අතර එම මධ්‍යස්ථානය යටතේ සියළුම රාජ්‍ය සේවාවන් පෙළ ගස්වා විධිමත්ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා කටයුතු කිරීමේ වැදගත් කම” එම නිවේදනය මගින් රජයට පෙන්වා දී තිබේ.

shawendra silvaවෛරසය පාලනය සඳහා දැනට පිහිටුවා ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

“මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය,” යි රජය එම තනතුර ප්‍රකාශයට පත් කරමින් පවසා තිබුනි.

 

රාජ්‍ය සේවක ආරක්ෂාව අනතුරේ !

අත්‍යාවශ්‍ය ආරක්ෂක විධිවිධාන නැතිකමින් රජයේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව දැඩි අවදානමක් මතුව තිබෙන බවටද රාජ්‍ය සේවක නියෝජිතයෝ සිය නිවේදනයෙන් අනතුරු අඟවා සිටිති.

රාජ්‍ය සේවකයන්ගේ මෙම අනතුරු ඇඟවීම කරමින් තමන්ට පහසුකම් ඉල්ලා ඇත්තේ කොරෝනා ව්‍යසනයේ ආර්ථික බර දරා ගැනීමට ව්‍යාපාරිකයන් සඳහා මුල්‍ය සහන සලසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ දාට පසු දාය.

එම සේවකයන්ට අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් සහ විෂබීජ නාශක මේ වන විටත් ප්‍රාදේශිය  වශයෙන් උග්‍ර හිගයක් බවතින බව  ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

''අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයන්ගේ සනීපාරක්ෂාව උදෙසා  මුඛ ආවරණ, අත් වැසුම් සහ විෂබීජ නාශක රජය විසින්  වහාම සැපයිය යුතු බවට  එම සංගම් අවධාරණය කර තිබේ.''

අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයන්ගේ සනීපාරක්ෂාව උදෙසා  මුඛ ආවරණ, අත් වැසුම් සහ විෂබීජ නාශක රජය විසින්  වහාම සැපයිය යුතු බවට  එම සංගම්  අවධාරණය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයන්හි සේවා සැපයීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් සේවා ස්ථානයට කැදවා අනෙකුත් සේවකයන් අවශ්‍ය වු විටකදී පමණක් කැදවීමේ පදනම යටතේ පවත්වා ගත යුතු බව පෙන්වා දෙන  වෘත්තීය සමිති  මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ එම කාර්ය මණ්ඩල වල සිටින ගර්භනී සහ ඌණ ප්‍රතිශක්තිකරන සහිත සේවකයන් වෙතොත් ඔවුන් සේවය සදහා නොකැදවිය යුතු බවයි.

ජාතික ආපදා තත්වය මැඩ පැවැත්වීම සදහා දැනට විවිධ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුවද සියළු අත්‍යාවශ්‍ය සේවා ජාතික වැඩ පිළිවෙලක් සදහා දායක වී නොමැති බවට චෝදනා කරන වෘත්තිය සමිති නිවේදනය මගින්  අවධාරණය කරන්නේ මෙම අවිධිමත් තත්වය යටතේ කොවිඩ් 19 වෛරසය ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වන බව විවිධ ස්ථාන වලින් වාර්තා වී ඇති වෛරසය ආසාදනය වු  පුද්ගලයන්ගේ සංඛ්‍යාලේඛන මගින් තහවුරු වන බවයි.

''රජය විසින් නිරෝධායනය සඳහා දින තුනක නිවාඩුවක් ලබා දුන්නේ කලින් දුන් එක්දින නිවාඩුව ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් පෙන්වා දීමෙන් අනතුරුවයි.''

මෙම  නිවේදනය සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය,ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, වර් මාර්ග පොදු සේවක සංගමය, ආණ්ඩුවේ කම්මකරු සමිති සම්මේලනය, පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, දුම්රිය ඒකාබද්ධ පෙරමුණ,තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තිය වේදීන්ගේ සංගමය, ලංකා වෘත්තිය සමිති සම්මේලනය, රජයේ ආහාර නිරීක්ෂිකා සංගමය, එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, ජාතික නිදහස් වෘත්තිය සමිති සම්මේලනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය ඒකාබද්ධව නිවේදනය කර තිබේ.

රජය විසින් නිරෝධායනය සඳහා දින තුනක නිවාඩුවක් ලබා දුන්නේ කලින් දුන් එක්දින නිවාඩුව ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් පෙන්වා දීමෙන් අනතුරුවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්