The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

ලෙයින්, යකඩින් සුන් කළ මුල්ලිවයික්කාලේ මරා දැමුවන් මලින්, ගඳින් සැමරේ

T

The Leader Desk

May 20, 2024 • 2:57 PM

ලෙයින්, යකඩින් සුන් කළ මුල්ලිවයික්කාලේ මරා දැමුවන් මලින්, ගඳින් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් ගුවනින් සහ ගොඩබිමෙන් එල්ල කළ බර අවි ප්‍රහාර වලට මැදිව දිවි තොරවූ දහස් ගණනක් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සදහා සාමුහිකව කරන අරගලය හෙටත් අත් නොහැරීමේ අදිටන පෙරදැරි කරගනිමින් මුල්ලිවයික්කාල් භුමියෙදී තම සමීපතමයන් අනුස්මරණය කිරීමට දෙමළ ජනයා කටයුතු කර තිබේ.
  • වසරේ මැයි 18 වැනිදා යුද්ධය අවසන් වු මොහොතේ සිට දෙමළ ජනයාට යුක්තිය ප්‍රතික්ෂේප කිරීමේ 15 වැනි වසර සනිටුහන් කිරීම සඳහා මුල්ලිවයික්කාල් භුමියට දෙමළ ජන සමූහය සමඟ මෙවර ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ප්‍රධානී ඇග්නස් කැලමාර්ඩ් ද එක්ව සිටියාය.
  • දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වු දැවැන්තම වර්ග සංහාරයට දසක එක හමාරක් සපිරෙන දිනයේ පැවැති අනුස්මරණය සදහා වන්නියට පැමිණ සිටියේ දකුණේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හා මාධ්‍යවේදීන් අතලොස්සක් පමණක් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • මුල්ලිවයික්කාල්හි පැවැති 15වැනි අනුස්මරණයට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම තම සමීපතමයන් සිහි කරමින් මලින්, පහනින් උපහාර දැක්වීමට දෙමළ ජනතාව කටයුතු කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ගුවනින් සහ ගොඩබිමෙන් එල්ල කළ බර අවි ප්‍රහාර වලට මැදිව දිවි තොරවූ දහස් ගණනක් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සදහා සාමුහිකව කරන අරගලය හෙටත් අත් නොහැරීමේ අදිටන පෙරදැරි කරගනිමින් මුල්ලිවයික්කාල් භුමියෙදී තම සමීපතමයන් අනුස්මරණය කිරීමට දෙමළ ජනයා කටයුතු කර තිබේ.

 දෙමළ වර්ග සංහාර සතියේ සතිය නිමිතිකොට පොලිස් බාධා මධ්‍යයේ පැවති කැඳ දන්සල් ඇතුළු සැමරුම් හමාරයේ මැයි 18 වැනි සෙනසුරාදා පෙරවරු 10.30ට ආරම්භ වු මුල්ලිවයික්කාල් අනුස්මරණයේ සමරු ගිනිසිළුව දල්වනු ලැබුයේ අවසන් යුද්ධයෙන් තම ආදරණිය සැමියා අහිමි වූ මුල්ලියවලෙයි පදිංචි ගෝවින්දරාසන් පුනිදවති මාතාව විසිනි.

 දස දහස් ගණනක් ජනඝාතනයට බිලිවූ මුල්ලිවයික්කාල් භූමියේ පැවති හැඟුම්බර අනුස්මරණය කෙටි වෙලාවකින් හමාර වූයේ පුෂ්පයෙන්, සුගන්ධයෙන් හා දීපයෙන් මල’වුන්ට බුහුමන් දක්වමිනි.

 ඝාතනයට ලක් වු තම ඥාතීන් අනුස්මරණය කිරීම සදහා මුල්ලිවයික්කාල් භූමියට පැමිණ සිටි පිරිසට පෙර වසරවලදී මෙන්ම පොල් පැළ බෙදා දීමට සංවිධායකයන් කටයුතු කර තිබුනි.


2009 වසරේ මැයි 18 වැනිදා යුද්ධය අවසන් වු මොහොතේ සිට දෙමළ ජනයාට යුක්තිය ප්‍රතික්ෂේප කිරීමේ 15 වැනි වසර සනිටුහන් කිරීම සඳහා මුල්ලිවයික්කාල් භුමියට දෙමළ ජන සමූහය සමඟ මෙවර ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ප්‍රධානී ඇග්නස් කැලමාර්ඩ් ද එක්ව සිටියාය.


දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ  සිදු වු දැවැන්තම වර්ග සංහාරයට දසක එක හමාරක් සපිරෙන දිනයේ පැවැති අනුස්මරණය සදහා වන්නියට පැමිණ සිටියේ දකුණේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හා මාධ්‍යවේදීන් අතලොස්සක් පමණක් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.  

 මුල්ලිවයික්කාල්හි පැවැති 15වැනි අනුස්මරණයට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම තම සමීපතමයන් සිහි කරමින් මලින්, පහනින් උපහාර දැක්වීමට දෙමළ ජනතාව කටයුතු කර තිබුනි.  

 ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ දෙමළ ජනතාව සියගණනක් මඩකලපුවේ වීදි දිගේ සුදු කොඩි ලෙළවමින් ගමන් කරමින් තිබුනේ යුද්ධයේ අවසන් දිනවල රජයේ ආරාධනයෙන් සුදු කොඩි පෙන්වමින් යටත් වූවන් ඝාතනය කළ බවට ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනාව සිහිපත් කරමිනි.

යුද්ධයෙන් පසු ආගිය අතක් නැති  එක්ලක්ෂ හතලිස් දාහකට අධික දෙමළ ජනකායක් සිහිපත් කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් සිදු කළ මුල්ලිවයික්කාල් සැමරුමට එරාවුර් පොලිස් ස්ථානාධිපති එන් හර්ෂ ද සිල්වා කිසිදු උසාවි නියෝගයක් ඉදිරිපත් නොකර ප්‍රචණ්ඩ ලෙස බාධා කරන ආකාරය දෙමළ මාධ්‍යවේදීන් විසින් විඩියෝ ගත කර තිබුණි.


යුද්ධයෙන් මරා දමන ලද ස්වකීය සමීපතමයන් වෙනුවෙන් ශෝකවන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට පසුගිය දින කිහිපය තුලදී අඩන්තේට්ටම් කර, පහර දී, සිපිරි ගෙයි ලෑ පොලිසිය, යුද්ධයෙන් මළවුන් වෙනුවෙන් කොළඹ වැල්ලවත්ත වෙරළේ මෙවර පැවති අනුස්මරණ මෙහෙයකට සිංහ කොඩි ඔසවාගෙන කඩා වදින්නට තැත් කළ සිංහල කණ්ඩායමක්  ඉවත් කිරීමට කටයුතු කරන ආකාරය අගනගරයේ මාධ්‍යවේදීන් විඩියෝ ගත කර ඇත.


දෙමළ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුද එක්ව සිටි මෙවර අනුස්මරණයේ මුල්ලිවයික්කාල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ තෙන්කයිලෙයි ආදීනම් ආශ්‍රමයේ සභාපති සිවතිරු අගතියර් අදිකාලර් හිමියන් විසිනි.

දෙමළ ජාතිකයන් එක ජාතියක් ලෙස පිළිගෙන ඇති අතර ඔවුන්ගේ අනන්‍ය ස්වෛරීභාවය සහ ස්වයංනිර්ණය සදහා අහිමි කළ නොහැකි අයිතිය මත ස්වයං පාලනයක් සදහා පිළිගත යුතු බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබේ.

 යුද නිමාවේ 15 වැනි සැමරුම ජාතික රණවිරු සේවා අධිකාරියේ සංවිධානත්වයෙන්  මැයි 19 වැනිදා  ආණ්ඩුව විසින් " ජාතික රණවිරු සැමරුම් උත්සවය" ලෙසින්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදි.

 මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී නොවු සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18 වැනිදා වන විට බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එරටට ළඟාවී තිබුනේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම වෙනුවෙනි.


ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව දශක තුනක කාලයක් පැවති යුද්ධයෙන් යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්  28,619 දෙනෙක්  මරුමුවට පත් වී ඇති අතර ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 27,000කට අධිකය.

 

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...