උතුරේ දියත් කළ යුද්ධයෙන් ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක්වු දහස් සංඛ්‍යාත සිය සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ

සිසුන් පැවැත්වු  මුල්ලිවයික්කාල් සැමරුමට පොලීසිය ප්‍රචණ්ඩකාරී අයුරින් සිදු කළ බාධා කිරීම ප්‍රදේශයේ සිවිල් ක්‍රියාධරයන් සහ ආගමික නායකයන් විසින් හෙලා දැක තිබේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් මැයි 18 වැනිදා සිදු කළ මුල්ලිවයික්කාල් සැමරුමට එරාවුර් පොලිස් ස්ථානාධිපති එන් හර්ෂ ද සිල්වා කිසිදු උසාවි නියෝගයක් ඉදිරිපත් නොකර ප්‍රචණ්ඩ ලෙස බාධා කරන ආකාරය දෙමළ මාධ්‍යවේදීන් විසින් විඩියෝ ගත කර ඇත.

පොලීසිය විසින් විශ්ව විද්‍යාල සිසුන්ගේ අනුස්මරණයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් නැගෙනහිර මාධ්‍ය සමාජයේ දී මැයි 20 වැනිදා  පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් නැගෙනහිර පළාතේ සිවිල් සමාජ ක්‍රියාධරයකු වන විමලසේනා ලවකුමාර් චෝදනා කළේ පොලීසිය නැගෙනහිර පළාත තුළ ක්‍රියා කරන්නේ නීතිය හා සාමය කඩ කරමින් බවයි.

“සාමාන්‍යයෙන් කැඳක්වත් බෙදා ගන්න බැරි විදියට මහජාතිවාදී ආණ්ඩුව වැඩ කරනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ. ඔවුන් ක්‍රියා කරන්නේ නීතිය හා සාමය කඩ කරමින්. පොලිසිය මේ කරන්නේ නීතියට අපහාස කරන ක්‍රියාවක්. නීතිය තමන්ට ගැළපෙන විදියට වෙනස් කරගෙන තමන්ට වාසිදායක විදියට වෙනස් කරගෙන තමයි මේ විදියට හැසිරෙන්නේ.”


මළවුන් සිහිපත් කිරීමට ඉඩ නොදි  පොලිසිය සිදු කළ බාධාව සරසවි සිසුන්ට සිදු කළ බාධාවක් නොව එය දෙමළ ජනතාවගේ අයිතීන්ට එරෙහිව සිදු කළ බාධාවක් බව පෙන්වා දෙන සමාජ ක්‍රියාධරයකු වන විමලසේනා ලවකුමාර් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය නීතිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරමින් සිදු කරන ක්‍රියාවන්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පියවර ගත යුතු බවයි.

“මේකෙන් ප්‍රශ්නයක් වුනේ ශිෂ්‍යයන්ට නෙවෙයි. මේක දෙමළ ජනතාවට වෙච්ච දෙයක්. සිවිල් සමාජයක් ලෙස අපි මෙය හෙළා දකිනවා. මෙවැනි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගෙන ප්‍රචන්ඩත්වය නැවැත්විය යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාවත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ විදියට මහජාතිවාදී ශ්‍රී ලංකා රජය සහ පොලිසිය තමන්ට ගැලපෙන ලෙස නීතිය වෙනස් කිරීමේ ක්‍රියාව නැවැත්වීමට මානව හිමිකම් කොමිසම කටයුතු කළ යුතුයි. ”

මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම, මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.


මුල්ලිවයික්කාල් සැමරුමට ප්‍රචණ්ඩ ලෙස බාධා  කළ  එරාවුර් පොලිස් ස්ථානාධිපති එන් හර්ෂ ද සිල්වාගෙන් මාධ්‍යවේදීන් සහ සරසවි සිසුන් සැමරුම නතර කිරීමට අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් පවතිදැයි නැවත නැවතත් විමසා සිටියද, කිසිදු උසාවි නියෝගයක් ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් ව තිබුනි.

මිය ගිය සමීපතමයන්ට උපහාර පිදීම සදහා මල්, පහන් තැන්පත් කිරීමට සරසවි සිසුන් භාවිත කළ මේසය සහ යුද්ධයේ අවසාන දිනවලදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී රෝගාබාධ සඳහා බෙහෙත් නොලැබ සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට පිහිටවුණේ මුල්ලිවයික්කාල් කන්ජි නමින් ඉතිහාසගතවූ කැඳ පිසීම සදහා යොදා ගත් භාජනද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සරසවි සිසුන්ගේ අනුස්මරණයට බාධා කිරීම හෙළා දකිමින් නැගෙනහිර මාධ්‍ය සමාජයේ දී මැයි 20 වැනිදා  පැවැත්වු මාධ්‍ය හමුව සදහා මඩකලපුව බහු ආගමික සංගමයේ ලේකම් කන්දයියා ජෙගදාස් පියතුමා සහ ටී. ජීවන් පියතුමාද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

එරාවුර් පොලිසිය නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව අධිකරණ නියෝගයක් උපයෝගී කරගෙන  ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට දින කීපයකට කලින් මුතුර් පොලිසිය මුල්ලිවයික්කාල් කැඳ උයමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු දෙමළ හතරක් සාම්පුර්හිදී අත් අඩංගුවට ගත්තේ එක කාන්තාවක් බිම දීගේ ඇදගෙන යමිනි. අධිකරණය විසින් රිමාන්ඩ් ගතකරන ලද ඔවුන්ට දින හතරකට පසු ඇප ලබාගැනීමට නීතිඥවරු සමත් වූහ.


police1
police3

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්