පෙරටුගාමි සමාජවාදි පක්ෂය සමග අරගලකරුවන් එකතු වී "ජන අරගල සන්ධානය" පිහිටුවාගත්තේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නම් පුද්ගලයා පිළිබද මනා

අවබෝධයකින් ද යන්න සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහභාගී වූ Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනකදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

එම පුද්ගලයා මෙයට සම්බන්ධවීම තුලින් පෙනීයන්නේ "ජන අරගල සන්ධානය" අවලංගු කාසියක් බවට පත්වී හමාර බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දුමින්ද නාගමුව "ඩංකොගේ කතාව" නම් කතාවෙ ඩංකොට සමාන කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට ඉඟි පලකල බවත් ඔහු සමඟ සිටි බොහෝ පිරිස් දැනටමත් රනිල් සමග එකතු වී ඇති බැවින් මොහුත් ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නා ආකාරයක් පෙනීයන බවයි.

වැඩි දුරටත් අදහස් ඉදිරිපත්කල Youtube වීඩියෝව පහලින් බලන්න.


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්