ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලටද කදිම ආදර්ශයක් බව අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජුනි 27කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ආර්ථිකමය ජයග්‍රහණය, යුද ජයග්‍රහණය හා සමානව සැලකිය හැකි දැවැන්ත ජයග්‍රහණයක් බව මෙන්ම, සියලු දෙනාම ඒ පිලිබඳ අගය කළ යුතු බව ද ඔහු පැවසීය.

මූල්‍ය කළමනාකරණය, මූල්‍ය පාලනය හා මූල්‍ය විනය, මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම, ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් කිරීමේ මූල්‍ය අනුපාත ඒකකය සුරක්‍ෂිත කිරීම, දේශපාලන ස්ථාවරත්වය සහ ජාතික ආරක්‍ෂාව තුළින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අතිශය දුෂ්කර කාර්යයක් වූ නමුත් ජනාධිපතිවරයාගේ නොසැලෙන නායකත්වය යටතේ මෙම ආර්ථික අගාධයෙන් ගොඩවී ලෝකයටම කදිම ආදර්ශයක් වීමට හැකි වූ බව බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image