පාපන්දු ක්‍රීඩා ලෝලීන් ජර්මනියේ ගෙල්සන්කියෂන් නගරයට පසුගිය බ්‍රහස්පතින්දා පැමිණියේ පෘතුගාලයේ අංක 7 ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ

රොනාල්ඩෝ තවත් ඉතිහාසයක් නිර්මාණය කරනු දැක ගැනීමටයි. නමුත් ඔවුන් ක්‍රීඩාංගණයෙන් පිටව ගියේ ජෝජියාවේ අංක 7 ක්‍රීඩක හවීචා හවාරක්ස්ෆේලියා (Khvicha Kvaratskhelia) ඔහුගේ රටේ 15,000කට අධික ක්‍රීඩා ලෝලීන්ගේ උත්තේජනයෙන් තම රට ප්‍රථම වතාවට ලොව ප්‍රධානතම පාපන්දු තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට ගෙන යන අයුරු දැක ගනිමින්.

zdfstt4
ගෝල් 2-0ක සුවිශේෂී ජයග්‍රහණයක පළමු ගෝලය ලබා ගත් නැපලී පාපන්දු සමාජයේ ක්‍රීඩක හවාරක්ස්ෆේලියා ට සහ තරගය නැරඹූ අනෙක් සෑම ජෝජියානුවෙකුගේම මතකයේ බොහෝ කල් නොමැරී ජීවත් වනු ඇති රාත්‍රියකි ඒ. ක්‍රීඩාංගණයේ සිට හෝ නිවසේ රූපවාහිනියෙන් හෝ ටබලීසී ජෝජියානු අගනුවර දැවැන්ත රූපවාහිනී තිරයෙන් හෝ ඔවුන් එදා නැරඹුවේ ජගත් පාපන්දු සම්මේලනයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 74 ට සිටින මෙවර Euro පාපන්දු තරගාවලියේ අඩුම ශ්‍රේණිගත කණ්ඩායම විසින් ලෝකයේ 6 වැනියට හොඳම කණ්ඩායම පරාජය කිරීමක්.

තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වී මිනිත්තු දහයක් පමණ ගතවන විටත් සමහර ක්‍රීඩකයන් සිටියේ සිදුවූයේ කුමක්දැයි විශ්වාස කළ නොහැකිව. ජය ඝෝෂා නගමින් අත්පොලසන් දෙන ආධාරකරුවන්ට නායකත්වය දීමෙන් පසුව ක්‍රීඩකයන් ඔවුන්ගේ හිස් දැඩිව අල්ලා ගෙන සිටියේ අද මැදියම් රැයේ (සඳුදා පෙරවරු 12.30) ස්පාඤ්ඤය ට එරෙහිව තමන්ට ‘අවසාන කණ්ඩායම් 16’ වටයේ තරගයක් තිබෙන බවට අදහා ගත නොහැකිව.

xfh5h

ඔවුන්ගේ පුහුණුකරු Willy Sagnol ඒ බව තමන්ටම වටහා ගැනීමට ඉඩ දුන්නේ තරගය නතර වීමෙන් පසුව පමණයි. ඔහු ක්‍රීඩකයෙකු ලෙස බායින් මියුනික් පාපන්දු සමාජයට බැඳුනේ එම ජර්මන් කණ්ඩායම 1999 Champions League අවසාන තරගයේ ‘ගෝලයක් වාර්තා වූ වහාම තරගය නතර කෙරෙන’ ක්‍රීඩා කාලය තුළ එංගලන්තයේ මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමට පරාජය වී වසරකින් පසුව. පෘතුගාලය සමග තරගයේ අවසන් කාලවේලාව තත්පරයෙන් තත්පරය ගෙවී යමින් තිබියදී ඔහුගේ මනසේ හොල්මන් කරමින් තිබුනේ ඒ තරගය යි.

“ඇත්තම කියනවා නම්, විනිසුරුගෙන් අවසාන විසිල් හඬ නිකුත් වූ විට පමණයි මම විශ්වාස කළේ” ඔහු ප්‍රකාශ කළා. “ඊළඟ වටයට සුදුසුකම් ලබා ගන්න අපි සිහින මැවූවත් එය කළ හැකි දෙයක් බව සිතුවේ නැහැ. ජර්මනියේ පැවැත්වෙන ‘යුරෝ 2024’ තරගාවලියට මාර්තු මාසයේදී ජෝජියාව සුදුසුකම් ලබා ගැනීම පමණක් අපේ උපරිම දක්ෂතාව කියලයි මම සිතුවේ. නමුත් පාපන්දු තරගයක් යනු කවදාවත් කළින් ලියා තියන්න බැරි දෙයක්.”

ප්‍රධාන පාපන්දු තරගාවලියකට පළමු වතාවට සුදුසුකම් ලැබූ ජෝජියානු කණ්ඩායමේ කතාන්දරයේ කියවීම ඇත්ත වශයෙන්ම සකස්ව තිබුනේ ජර්මනියේ ඔවුන්ගේ පළමු තරගයේදී ම යි. ඔවුන් තුර්කිය ට පැරදුනු බව සත්‍යයක් වූව ද මේ Euro තරගාවලියේ සිටින ශ්‍රේණියෙන් අඩුම කණ්ඩායම වශයෙන් ඔවුන් මූලික තරග වටයේදී ධෛර්ය සම්පන්න ප්‍රබල ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් බොහෝ දෙනාගේ හදවත් දිනා ගෙන සිටියා. ඔවුන් ඒ උත්සාහවන්ත ක්‍රීඩාවෙන් ම චෙක් සමූහාණ්ඩුව සමග පැවති තරගය ජය පැරදුමින් තොරව කෙළවර කර ගත්තේ පෘතුගාලය සමග ‌ෙඑතිහාසික සැඳෑවකට වේදිකාව සකස් කර ගනිමින්.

නැපලි කණ්ඩායමේ Serie A තරගාවලියේ ජයග්‍රාහකයෙකු වන හවාරක්ස්ෆේලියාගෙන් ජෝජියාව ට ලැබී තිබෙන්නේ මහාද්වීපයේ සිටින දක්ෂතම ඉදිරි පෙළ ක්‍රීඩකයයෙක්. ඔහු පන්දුව ලබා ගත් විට ඔ්නෑම දෙයක් සිදුවිය හැකි බවට කුතුහලයක් ක්‍රීඩා ලෝලීන් තුළ ඇතිවනවා. ඔහුට ගෝලයක් ලබා ගැනීමට ගතවූයේ තත්පර 92ක් පමණයි. යුරෝපීය පාපන්දු ශූරතාවලියකදී පෘතුගාලය එදා මෙදා තුර ඉතා වේලාසනින් ගෝලයක් ලබා දී තිබෙන්නේ මේ තරගයේ.


“හවීචා (Khvicha)” යනුවෙන් ජෝජියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා නාදය ක්‍රීඩාංගණය පුරා දෝංකාර වුනා. එය සැණින් මේ තරගාවලියේ ඔ්නෑම රටක් වෙනුවෙන් අංක 7 කමිසයක වටිනාකමට සරිලන ක්‍රීඩා රංගනයක් බවට හැරුනා.

රොනාල්ඩෝගේ මාර්ග ප්‍රදර්ශනය පැමිණිමත් සමග ගෙල්සන්කියෂන් නුවරට උදා වූයේ මහත් ඝෝෂාකාරී දවසක්. දුම්රියෙන් බැස පැමිණ නගරයේ තැනින් තැන බීමත් වූ පෘතුගාල ක්‍රීඩා ලෝලීන් පැළඳ සිටියේ රොනාල්ඩෝ කලක් නියෝජනය කළ පෘතුගාලයේ Sporting Club, එංගලන්තයේ Manchester United, ස්පාඤ්ඤයේ Real Madrid, ඉතාලියේ Juventus කණ්ඩායම්වල කමිස හා ඔහු වර්තමානයේ ක්‍රීඩා කරන සෞදි අරාබියේ අල්-නසර් හා පෘතුගාල ජාතික කණ්ඩායමේ ධජයන්ගෙන් යුත් කමිස. මේ සෑම කමිසයකම පිටුපස රොනාල්ඩෝගේ නම මුද්‍රණය වී තිබුනා.

මේ සියළු දෙනා පැමිණ සිටියේ රොනාල්ඩෝ ඉතිහාසයේ තවත් පිටුවක් පෙරලන අයුරු නැරඹීමට.

දැන් 39 වැනි වියේ පසුවන රොනාල්ඩෝ මේ තරගයේදී ගෝලයක් ලබා ගත්තා නම්, Euro තරග බිමේ ගෝලයක් ලබා ගත් වයසින් වැඩිම ක්‍රීඩකයාගේ ගෞරවනීය වාර්තාව ඔහුට හිමිවීමට ඉඩ තිබුනා. රොනාල්ඩෝ දැනටමත් ‘යුරෝ’ තරගාවලියේ ඉතිහාසයේ වැඩිම ගෝල් (14) ලබා ගත් ක්‍රීඩකයා සහ වැඩිම ගෝල් සහාය (8) ලබා දුන් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. එහෙත් ඔහුගේ ඊළඟ වාර්තාව එනතුරු ක්‍රීඩා ලෝලීන්ට බලා සිටීමට සිදුවනවා. ලොව ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක මූලික වටයේ ගෝලයක් ලබා ගැනීමට එදා මෙදා තුර ප්‍රථම වරට ඔහු දැන් අසමත්ව සිටින්නේ Euro 2004 තරගාවලියෙන් ඇරඹුනු විස්මයජනක ක්‍රීඩා ගමනක අවසානයට පිවිසෙමින්.

එක ම එක වතාවකට, ජූනි 27 වැනි දිනය වෙන්ව තිබුනේ අංක 7 රොනාල්ඩෝ ට නොව, තමා හැදී වැඩුනේ රොනාල්ඩෝ ට වැඳුම් පිදුම් කරමින් බව පවසමින් තරගයෙන් පසුව ඔහුගේ කමිසය ලබා ගත් අනෙක් අංක 7 ක්‍රීඩකයා ට.

spf34ss


“මට රොනාල්ඩෝගේ කමිසය ලැබුනා. අපි ඊළඟ වටයට ගියා” යනුවෙන් ‘තරගයේ වීරයා’ බවට පත්වූ හවාරක්ස්ෆේලියා මාධ්‍ය හමුවකදී කියා සිටියා. “ජෝජියානු පාපන්දු ලෝලීන්ගේ ජීවිතවල හොඳම දවස අද යි. අපි ඉතිහාසය නිර්මාණය කළා. අපි මෙවැනි දෙයක් කරයි කියල කිසිම කෙනෙක් විශ්වාස කරන්න නැතුව ඇති. අපිට පෘතුගාලය පරද්දන්න පුළුවන් බවට කවුරුවත්ම හිතන්න නැතුව ඇති. අපි ශක්තිමත් කණ්ඩායමක් වන්නේ ඒ නිසයි. සීයට 1ක හරි අවස්ථාවක් තියෙනවා නම් අපිට දිනන්න පුළුවන් බව අපි පෙන්වා තිබෙනවා.”

xfge56thg

“තරගයට පෙර මමත් රොනාල්ඩෝත් මුණගැසුනා. ඔහු මට සුභ පැතුවා. මම කවදාවත් හිතුවේ නැහැ එයා මම ළඟට ඇවිත් මාත් එක්ක කතා කරාවි කියලා. ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වගේම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. පාපන්දු පිටියේත් ඉන් පිටතත් එයාට විශිෂ්ට පෞරුෂයක් තිබෙන්නේ ඒ නිසයි. මම එයාට ඉතාමත් ඉහළින් ගරු කරනවා. ඔහු ලෝකයේ සිටින එක් දක්ෂතම ක්‍රීඩකයෙක්. එයා තරගයට පෙර ඇවිත් කතා කිරීම මවිත කරවන දෙයක්. අපට අද යමක් කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරන්න එය උපකාරයක් වුනා.”


පාපන්දුව සෙමෙන් සෙමෙන් හසුරුවන සුපිරි දක්ෂතාවක් ඇති යුරෝපයේ සිටින හොඳම ක්‍රීඩකයන් පස් දෙනාගෙන් හවාරක්ස්‌ෆේලියා කෙනෙක් බව පෘතුගාල කණ්ඩායමේ පුහුණුකරු රොබටෝ මාටීනස් කියනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්