අද කියන්න යන්නෙ වෙනස් ම කතාවක්
හැමදාම උදේට ඇහැරෙද්දි මට ඇහෙන සුපුරුදු සද්ද බද්ද ටිකක් තියෙනවා. එකක් තමයි කාමරේ ජනේලෙන් එහා පැත්තේ තණකොළ පිට්ටනියේ සත්තු අහුලන්න... තණකොළ ඇට අහුලන්න එන පරෙවියන් තටු ගහන... උන්ගේ උගුරෙන් නගන අමුතු සද්දෙ.
අනිත් එක තමයි මගේ ගෙදර ඉස්සරහින් තියෙන පාර දිගේ ඉස්කෝලේට යන දරුවන්ගේ කිචි බිචිය...
කාමරේ ජනේලෙන් එහා පැත්තේ තණකොළ පිට්ටනියේ සත්තු අහුලන්න... තණකොළ ඇට අහුලන්න එන පරෙවියන් තටු ගහන... උන්ගේ උගුරෙන් නගන අමුතු සද්දෙ. මගේ ගෙදර ඉස්සහින් තියෙන පාර, තුන් පැත්තකට බෙදෙනවා. එක පැත්තකට තියෙන්නෙ කඩසාප්පුවලට... ස්ටේසමට... පල්ලියට... එහෙම යන පාර. අනිත් පාරවල් දෙකෙන් ගියත් මේ ඕන තැනකට යන්න පුලුවන්. වෙනසකට තියෙන්නෙ මම ඉන්න පළාතට අයිති ඉස්කෝල දෙක මුණගැහෙන්නේ මේ පාරවල් දෙකේදි. එකක් අවුරුදු 3 ඉඳලා අවුරුදු 7 වෙනකම් දරුවෝ ඉන්න නර්සරිය එහෙම නැත්නම් Kindergarten* (detsky sad) එක. අනිත් ඉස්කෝලේ ඉන්නේ අවුරුදු 7ට වැඩි දරුවෝ.
Kindergarten* (detsky sad)
අම්මා හරි තාත්තා හරි එක්ක ඉලෙක්ට්‍රික් ස්කූටරේ හරි සාමාන්‍ය ස්කූටරේ හරි එහෙම නැත්නම් බයිසිකලේ හරි තනියම පැදගෙන තමයි පුංචි දරුවෝ නර්සරියට යන්නෙත්. ඇවිදින්න පටන් ගන්න කොටම වගේ මේ ස්කූටර් පදින්නත් එයාලා ඉගෙනගන්නවා.දැන් පරෙයියන්ගෙ සද්ද බද්ද ඇරුණාම දරුවන්ගේ කිචි බිචිය ඇහෙන්නෙ නෑ. මොකෝ ජුනි මාසේ පටන් ගන්නකොටම වගේ ගිම්හාන නිවාඩුවට පාසල් වහලා. ඒක දීර්ඝ නිවාඩුවක් නිසා තවමත් ඉස්කෝල පටන්ගෙන නෑ.
ජුනි මාසේ පටන් ගන්නකොටම වගේ ගිම්හාන නිවාඩුවට පාසල් වහලා. ඒක දීර්ඝ නිවාඩුවක් නිසා තවමත් ඉස්කෝල පටන්ගෙන නෑ.ලංකාවේ අපිට නම් ඉතින් ඉස්කෝලේ නම එක්ක ගැටහැහුණු මහා පාසල්වාදයක් හැදිලා තියෙනවා නෙ. කොටින්ම කිව්වොත් රස්සාවකට ගියත් විශ්විවිද්‍යලයකට ගියත් ඉස්කෝලේ නම අහලා ඒ අනුව අපි දිහා බලන කෝණෙත් පොඩ්ඩක් විතර වෙනස් වෙනවා නේ.
ඒ වුනාට රුසියාවේ කිසිම රජයේ පාසලකට අපිට වගේ නම් නෑ. ඒ වෙනුවට රුසියානු පාසල් නම් කරන්නේ අංකයකින්. ඒ නිසා කිසිම ඉස්කෝලයක් අරකට වඩා මේක උසස් පහත් කියල බෙදීමක් දරුවන් අතරෙවත් දෙමව්පියන් අතරෙවත් හැදිලා නෑ. පාසල් බහුතරයක් අයිති රජයට. පහසුකම් හැම පාසලකම වගේ සමානයි. පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම ඇමෙරිකානු - බ්‍රිතාන්‍ය පෞද්ගලික පාසල් බෙහොමයක් තියෙනවා.
ඒවායේ ඉතින් සෑහෙන්න තරම් මුදලක් අය කරනවා. හැබැයි ඉතින් රුසියානු-යුක්‍රේන යුද්ධය නිසා British Council වගේ අධ්‍යාපන ආයතන නම් දැන් රුසියාවේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

රුසියානු අධ්‍යාපනය හැදිලා තියෙන්නෙ අදියර තුනකට. රුසියාවේ දරුවෝ ඉස්කෝලේ යන්න පටන් ගන්නේ අපි වගේ අවුරුදු 6 දී නෙවෙයි... අවුරුදු 7න්. අවුරුදු 7 ඉඳලා අවුරුදු 10 වෙනකම් අයිති වෙන්නේ ප්‍රයිමරියට නැතිනම් ප්‍රාථමිකයට (1 සිට 4 වසර දක්වා)... ඊට පස්සේ අවුරුදු 11 ඉඳලා අවුරුදු 15 වෙනකම් අයිති වෙන්නේ basic general අදියරට (5 සිට 9 වසර දක්වා)... අවුරුදු 16 ඉඳලා 17 වෙනකම් ද්වීතික අධ්‍යාපනය (10 සිට 11 වසර දක්වා)... ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුසියානු දරුවෙක් 11 පන්තියෙන් තමයි පාසලට සමුදෙන්නෙ.
සාමාන්‍යයෙන් රුසියානු දරුවෙක් 11 පන්තියෙන් තමයි පාසලට සමුදෙන්නෙ.ලංකාවේ අපිට වගේ ශිෂ්‍යත්ව, O/L විභාග මෙහේ දරුවන්ට නෑ. විවිධ ඇගයීම් හරහා තමයි දරුවන්ගේ දැනුම පරීක්ෂා කරන්නෙ. එයාලා පළවෙනි වතාවට රජයේ විභාගයකට පෙනි ඉන්නේ 11 පන්තියෙදි.
මේ රුසියාවේ ස්කූටර් භාවිතය හැම අවුරුද්දකම වැඩි වෙනවා කියල පෙන්වන පින්තූරයක්...අන්න ඒ විභාගය හොඳින් පාස් වෙන අයට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ හදාරන්න අවස්ථාව තියෙනවා. අදාළ මට්ටමට ලකුණු ප්‍රමාණය නැති අයට සුලු මුදලක් ගෙවලා රජයේ විශ්වවිද්‍යාල වලම ඉගෙන ගැනීමේ ඉඩකඩ තියෙනවා.
අහ් ඒ විතරක් නෙවෙයි 11 පන්තියට එන්න කලින් 9 පන්තියෙදි ම දරුවෙකුට අවස්ථාව තියෙනවා එයාගේ කැමැත්ත අනුව පාසල හැර ගිහින් වෘත්තීය අධ්‍යාපනයක් ලබන්න. ඒ විදියට අවුරුදු 2ක් වෘත්තීය අධ්‍යාපනය ලබන දරුවෙකුට පුලුවන් ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න.
මාස 18 ඉඳලා අවුරුදු 7ක් වෙනකම් දරුවන්ව දෙත්ස්කි සාද්*(detsky sad) එහෙම නැත්නම් Kindergarten එකට ඇතුල් කරන්න පුලුවන් දැන් අර අවුරුදු 7 දි ප්‍රයිමරියට දරුවෙක් ඇතුල් කරනකම් තියෙන කාලය, ඒ කියන්නේ මාස 18 ඉඳලා අවුරුදු 7ක් වෙනකම් දරුවන්ව දෙත්ස්කි සාද්*(detsky sad) එහෙම නැත්නම් Kindergarten එකට ඇතුල් කරන්න පුලුවන්කම තියෙනවා. හැබැයි මේක අනිවාර්ය නෑ. ඒත් ඉතින් කාර්ය බහුල දෙමව්පියන්ට මේක බොහොම වටිනා සේවාවක්.
රුසියාවේ Kindergarten කියන්නේ ඇත්තටම දරුවන් හොඳින් බලාගන්න, දරුවන්ට ආරක්ෂාව සහ පහසුකම් සලසන තැනක්. දරුවෝ කියන්නේ රාජ්‍යයට අයිති දේපලක් නේ. කොහෙමටත් සෝවියට් යුගයේදි දරුවා සම්බන්ධ සියලු තීන්දු තීරණ අරන් තියෙන්නෙ රජය. කොටින්ම පාසල් අධ්‍යපනයෙන් පස්සේ දරුවා කරන්න ඕන මොකක් ද කියන එක පවා රජය විසින් තමයි තීරණ කරේ. අද ඒ තත්ත්වය වෙනස් වෙලා... දරුවන්ට නිදහස තියෙනවා තමන් කැමති විෂයන් තෝරගන්න... තමන්ගේ අනාගතය කොහොම විය යුතු ද කියල ගැඩගස්සවාගන්න. ඒකට අවශ්‍ය වටපිටාව සහ පහසුකම් රුසියානු අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ දැන් ගොඩනගලා තියෙනවා.
රූබල් 3000 ක් කියන්නෙ රුසියාවේ කම්කරුවෙකුගේ දිනක අවම වැටුප. අම්මා තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් දරුවෝ බලාගන්න මේ Kindergarten සෝවියට් යුගයෙත් තිබුනා. දරුවන්ට සෙල්ලම් කරන්න... නාවලා පිරිසිදු කරන්න... හොඳ පිරිසිදු ආහාර ලබා දෙන්න... සුව පහසුවට නිදාගන්න... මේ හැමදේම අදටත් මේ Kindergarten වලින් සිද්ධ වෙනවා. සෝවියට් කාලෙත් මේ පහසුකම් සපයන්න ඉතාම සුලු මුදලක් අය කරා කියලයි අහන්න ලැබුනේ. අද මොස්කව් නගරයේ නම් මාසයකට රූබල් 3000ත් 4000ත් අතර මුදලකට රජයට අයත් Kindergarten ඉතා හොඳ සේවාවක් ලබා දෙනවා කියලයි රුසියානු දෙමව්පියෝ කියන්නෙ. හැබැයි මේ ගාණ රීජන් එක අනුව වෙනස් වෙනවා. ආර්ථික අපහසුතා තියෙන පවුල්වලට නම් මීටත් වඩා සහනදායි මිලකට මේ පහසුකම ලබාගන්න පුලුවන්. කොහොමවුනත් රූබල් 3000 ක් කියන්නෙ රුසියාවේ කම්කරුවෙකුගේ දිනක අවම වැටුප. පෞද්ගලික Kindergarten එකක නම් මාසෙක අවම ගාණ රූබල් 25,000 ක් විතර කියලයි දැනගන්න ලැබුණේ.
එහෙමත් නැත්නම් ඉතින් පැයකට රූබල් 300ක් වගේ මුදලකට නැනී කෙනෙක් අරගෙන දරුවාව බලාකියාගන්නත් පුලුවන්. ඒක ඉතින් බොහොම මිල අධික වැඩක්.
ඉස්කෝල ඇරුණම අම්මා තාත්තා ගෙදර නැතිවුනත් දරුවෙකුට තනියම ගෙදර ඉන්න පුලුවන්කම සහ ආරක්ෂාව බොහෝ දුරට මේ රටේ තියෙනවා. අසල්වැසි ගෙදර කෙනෙක් අර දරුවගේ කෑමබීම ගැන හොයලා බලන්නත් පැකිලෙන්නෙ නෑ.
ඉස්කෝල ඇරුණම අම්මා තාත්තා ගෙදර නැතිවුනත් දරුවෙකුට තනියම ගෙදර ඉන්න පුලුවන්කම සහ ආරක්ෂාව බොහෝ දුරට මේ රටේ තියෙනවා. අසල්වැසි ගෙදර කෙනෙක් අර දරුවගේ කෑමබීම ගැන හොයලා බලන්නත් පැකිලෙන්නෙ නෑ.
ගෙවල්වල තනියම ඉන්න දරුවෝ පාරට ඇවිත් බයිසිකල් පදිනවා... යාලුවෝ එක්ක සෙල්ලම් කරනවා... එහෙම ගෙවල්වල තනියම ඉන්න දරුවෝ පාරට ඇවිත් බයිසිකල් පදිනවා... යාලුවෝ එක්ක සෙල්ලම් කරනවා... ඒ ඇරුණාම ඉතින් මේ ගිම්හාන කාලේ කොහොමත් ඇවිදින්න යනවා. ආච්චි සීයා ඉන්න දාචා*(datcha) එහෙම නැත්නම් ගමේ ගෙවල්වල නිවාඩුවට ගිහින් එන්නත් දරුවන්ට අවස්ථාව ලැබෙනවා.
පාසල් නිවාඩු කාල කියන්නෙ මොන රටෙත් දෙමව්පියන්ට දරුවන් බලා ගන්න එක ප්‍රශ්නයක් වෙන කාලයක් නෙ. රුසියාවේ නිවාඩු කාලෙට දරුවන්ට විවිධ වැඩසටහන් සංවිධානය කරනවා...
රුසියානු Summer Camp වල ගත කරන දරුවන් ඉස්කෝලවලින් වගේම පෞද්ගලික ආයතනවලිනුත්. මේවා ක්‍රීඩා වගේම විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් එක්ක දරුවන්ට බෙහොම විනෝදයෙන් සහ ආරක්ෂිතව කාලය ගත කරන්න පුලුවන් කෑම්පින් (camping) වැඩසටහන්. මම හිතන විදියට මේවට සුලු මුදලක් පාසල්වලින් අය කරනවා. සෝවියට් යුගයෙත් මේවා මේ විදියට තිබිලා තියෙනවා.
විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් එක්ක දරුවන්ට බෙහොම විනෝදයෙන් සහ ආරක්ෂිතව කාලය ගත කරන්න පුලුවන් කෑම්පින් (camping) වැඩසටහන්.දවසක් මම නගරේට ගිහින් මෙට්‍රෝවට නගින්න ඇවිදගෙන එමින් හිටියා. මගේ ඉස්සරහින් ඇවිදගෙන යමින් හිටිය රීදි පාට කොණ්ඩේ කරල් දෙකකට ගෙතලා තොප්පියක් දාපූ පූංචි කෙල්ලක්... දණිසෙන් පහළට කඩා වැටෙන ගවුමක් ඇඳගෙන... අම්මා එක්ක ලොකු කතාවකට වැටිලා හිටියේ... එයාව දැකපු ගමන් මට මතක් වූනේ හත්පෙතිමලේ ශේන්‍යාව ඒ වුනාට එයාගේ නම මීකා... මීකාට අවුරුදු 4යි. එයා හරි ලස්සනට අම්මා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇහුනම මම නැවතුනා එයා එක්ක ටිකක් කතා කරන්න. රුසියාවේදි හරිම අඩුවෙන් තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරන අයව මුණ ගැහෙන්නෙ.
මීකාගේ අම්මාට ඕන වූනා කිව්වා මීකාට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. එයා හරි ලස්සන දෙයක් කිව්වා රුසියානු දෙමව්පියෝ දැන් දැන් තවත් භාෂාවක් දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා කියල. ඇත්තටම මට මුණගැහුණු හුඟක් රුසියානු දරුවෝ, රුසියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් භාෂාවලින් එකක් ඉගෙන ගනිමින් හිටියේ.
ලංකාවේ අපිට දරුවෙක් තනියම කඩේකටවත් යවන්න බය වුනාට මෙහේ අවුරුදු 12-13 වසසේ දරුවොත් තනියම කෝච්චියේ... මෙට්‍රෝවේ යනවා.
ලංකාවේ අපිට දරුවෙක් තනියම කඩේකටවත් යවන්න බය වුනාට මෙහේ අවුරුදු 12-13 වසසේ දරුවොත් තනියම කෝච්චියේ... මෙට්‍රෝවේ යනවා. මෙහේ දරුවන්ට විතරක් නෙවෙයි කාන්තාවන්ටත් බොහෝ දුරට ආරක්ෂිත පරිසරයක් තියෙනවා. මොන මහ රෑක වුනත් තනියම ඇවිදින්න රුසියාවෙදි මට බයක් දැනිලා නෑ. කැලෑවල්වල කොයිතරම් වරු ගණන් ඇවිද ඇවිද හිටියත් විසිල් සද්දයක්වත් ඇහිලා නෑ. රුසියාවේ ගම්බද පළාත්වල රුසියානුවෝ වගේම මෙහේ ජීවත්වෙන අසල්වැසි රටවල අයත් වැඩිපුරම පාරේ ඉන්නේ බියර් බෝතලයක් වොඩ්කා බෝතලයක් අතේ තියාගෙන වුනාට ඒකෙන් හානියක් පාරේ යන කාටවත් නෑ. ඒකට හේතුව රුසියාවේ තියෙන බොහොම නිදහස් ලිංගික පැවැත්ම කියලයි මට හිතෙන්නෙ.
සෝවියට් සාමූහාණ්ඩුව පවුල කියන සංකල්පය ප්‍රවර්ධනය කරේ නෑනේ. ඒ වෙනුවට හැමදේම ගැටගැහිලා තිබුනේ රාජ්‍ය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ක නේ. පස්සෙන් පහු ඒ තත්ත්වය වෙනස් වෙනවා. අද නම් බොහොම තදට පවුල කියන සංකල්පය ඉස්මතු කරන්න හදන බවක් පේනවා.
මේ තියෙන්නේ ප්‍රදර්ශනය... දරුවන්ට බොහොම අපූරුවට පවුල, ගහ වැල ගැන ආදරය දනවනවා...මෑතකදි මම ගියා ප්‍රදර්ශනයක් බලන්න. එකේ පළමු ශාලාව වෙන්වෙලා තිබුනේ විශේෂයෙන්ම දරුවන්ට. ඇතුළේ තියෙන්නෙ මොනවද කියල කිසිම අදහසක් නොතිබුන නිසා ඒ ගැන කීප දෙනෙක්ගෙන්ම ඇහුවම එයාලා කිව්වේ ඒක දරුවන්ට... සමහර විට ඔයාට ඒක බෝරින් වෙයි වගේ කියල.
ඒත් ප්‍රදර්ශන කුටියට ගියාම මට ඇස් අදහගන්න බැරිව ගියා. 3D තාක්ෂණයෙන් බිත්ති පුරා එල්ලෙන සමනල්ලු, ගස්වැල්, ආලෝක කදම්බ, ඇස් ඉස්සරහා ඇද හැලෙන තරු කැට දිගේ තමයි මම ඇවිදගෙන ගියේ...හරියට සුරංගනා ලෝකයක මිනිත්තු ගාණක් ජීවත් වුනා වගේ.
ඒ මුලු කතන්දරයම දිග ඇරුණේ පවුල, පරිසරය සහ තාක්ෂණය මුල් කරගෙන. මොන තරම් තාක්ෂණික දියුණුවක් අත්පත් කරගත්තත් ගහට වැලට ආදරය කරන්න දරුවන්ට හුරු කරවන්න... නිදහසේ පරිසරයට ආදරය කරමින් දරුවන් වැඩෙන පවුලක අවශ්‍යතාවය පෙන්වන්න තමයි එයාලට ඕන වුනේ.රුසියාවේ මම දැකපු තවත් ලස්සනම දෙයක් තමයි ක්වර්තීරා හතර පහකට එකක් වගේ වෙන්න දරුවන්ට සෙල්ලම් කරන්න... දෙමව්පියන්ට කතා බහේ යෙදෙන්න... පුංචි සුන්දර උද්‍යාන හදලා තියෙන එක... හැම නගරෙකම කොනක කැලෑව ඉතිරි කරල... ඒ දිගේ ඇවිදගෙන යන්න... වාඩි වෙලා ඉන්න... ඇවිදින ගමන් කන්න පළතුරු හොයාගන්න පුලුවන් විදියට හදලා තියෙන එක. ඒ කැලෑ පාරවල්වල ඇපල්... වල් බෙරි... වල් චෙරි... නට්ස් වර්ග කඩාගන්න කාගෙන්වත් අවසරයක් ඕන නෑ. හැබැයි කවුරු හරි අතු පිටින් කඩනවා දැක්කොත් නම් ඉතින් රුසියානුවන්වන්ට බොහොම තරහ යනවා.
මොන තරම් ජනාකීර්ණ වුනත් එහෙම කැලෑවකදි අමතක වෙනවා තමන් ඉන්නේ නගරයේ කියල.
හැම නගරෙකම කොනක කැලෑව ඉතිරි කරල... ඒ දිගේ ඇවිදගෙන යන්න... වාඩි වෙලා ඉන්න... ඇවිදින ගමන් කන්න පළතුරු හොයාගන්න පුලුවන් විදියට හදලා තියෙන එක. ඒ කැලෑ පාරවල්වල ඇපල්... වල් බෙරි... වල් චෙරි... නට්ස් වර්ග කඩාගන්න කාගෙන්වත් අවසරයක් ඕන නෑ දරුවන් ගැන තියෙන සැලකිල්ල වගේම තමයි වැඩිහිටියන් ගැන මෙහේ තියෙන අවධානෙත්.
මගේ අල්ලපු ගෙදර ඉන්නේ ඉරීනා... ඉරීනා අවුරුදු 88ක බාබූෂ්කා* කෙනෙක් (ආච්චි). එයාගේ මහත්තයා මීට අවුරුදු ගාණකට කලින් නැතිවෙලා... දරුමුණුපුරන්ගෙත් දරුවෝ ඉන්නවා දැන් එයාට. මේ නිවාඩු කාලේ නිසා මී මුණුපුරන්ගේ කෑකෝ ගැහිලි ඉඳ හිට ඇහෙනවා එයාගේ ගෙදර පැත්තෙන්... ඒ මොනව හරි අරගෙන එයාව බලලා යන්න ආවාම.
නිල් පාට ලොම් කඩා හැලෙන පූසා එක්ක එයා බොහොම ලස්සනට පිළිවෙළට තනියම නිදහසේ එයාගේ ගෙදර ජීවත් වෙනවා. එයාගේ පෙන්ෂන් එක වගේම දරුවන්ගේ සැලකිලිත් එක්ක එයා කිසිම කෙනෙකුට වදයක් නොවී... එයාගේ දොරට තට්ටු කරන කාට වුනත් ආදරණීය වචනවලින් සංග්‍රහ කරමින් ජීවත් වෙනවා.
දවසක් මගේ කැලෑ සවාරියක දී මුණ ගැහැනු කාත්‍යයා කියන්නෙත් අවුරුදු 74ක බාබුෂ්කා (ආච්චි) කෙනෙක්... කාත්‍යයා කියන්නේ ඉංග්‍රිසියෙන් කැතරින්ට... එයා ඇවිත් හිටියේ එයාගේ තඩිම තඩි බලු පැටියා එක්ක. දවසක් මගේ කැලෑ සවාරියක දී මුණ ගැහැනු කාත්‍යයා කියන්නෙත් අවුරුදු 74ක බාබුෂ්කා (ආච්චි) කෙනෙක්... කාත්‍යයා කියන්නේ ඉංග්‍රිසියෙන් කැතරින්ට... එයා ඇවිත් හිටියේ එයාගේ තඩිම තඩි බලු පැටියා එක්ක. එයා මගේ මිත්‍රයෝ එක්ක ලොකු කයියකට වැටුනා.
මගේ දරුවෝ කියනවා ඇවිත් එයාලා එක්ක ඉන්න කියල... මට එහෙම ඉන්න බෑ... මට ඕන පැළයක් ඉන්දගෙන මගේ ගෙදර ඉන්න... මට තව පුසෙකුත් ඉන්නවා... උඹලා දන්නවද දරුවනේ, මම මගේ බලු පැටියාවයි පුස් පැටියවයි දාගෙන කිලෝමීටර් 300ක් තනියම ඩ්‍රයිව් කරනවා මගේ දාචා එකට... කියල බොහොම උජාරුවෙන් කිව්වෙ. අවුරුදු 74ක් වුනාට එයා බොහොම අගේට හිටියා... ඇස් වටේ යාන්තමින් ඇදලා... තොල් දෙක යාන්තමින් පාට කරල බොහොම ඡේත්තුකාර පෙනුමක් එයාගේ තිබුනා.
මේ වැඩිහිටි හැමෝටම වගේ පෙන්ෂන් එකක් තියෙනවා. පොදු ප්‍රවාහනය එයාලාට සම්පූර්ණයෙන්ම නොමිලේ... එයාලා තම තමන්ගේ ගෙවල්වල බොහොම නිදහසේ සුවපහසුව ජීවත් වෙනවා... තමන්ගේ ක්වර්තීරා* (apartment) එකේ තියෙන පුංචි ඉඩක හරි පැළයක් වවනවා... තමන්ගේ මානසික සුවයට ප්‍රස්ථාර පොත්වල ගැටලු විසඳනවා... හවසට හුළං ටිකක් වැදෙන්න අත්වැල් අල්ලගෙන ඇවිදින්න යනවා... හැන්දෑවරුවකට වයින් උගුරක් තොලගානවා... දරු මුණුපුරෝ ඇවිත් එයාලව බලල යනවා... එහෙම දවස්වලට සතුටු හිනාවල් ඒ දොරවල් අස්සෙන් ඉහිරෙනව...
හවසට හුළං ටිකක් වැදෙන්න අත්වැල් අල්ලගෙන ඇවිදින්න යනවා ඒක බොහොම පරිපූර්ණ වැඩිහිටි ජීවිතයක්...
හැබැයි මේක අසම්පූර්ණ කතාවක්...
මම මගේ රුසියානු කතා අතරේ මේ කතාව බෙදාගන්න හිතුවේ, ලංකාවේ දරුවන්ට මේ ආරක්ෂාව රැකවරණය වගේම ලංකාවේ බාබුෂ්කලා (ආච්චිලා) දේදුෂ්කලා (සීයාලා) ගොඩකට තමන්ගේ නිදහසත් කොච්චර දුර ද කියල දැනුන නිසා...
ජයනි අබේසේකර(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
සබැඳි ලිපි :

ඒ වුනාට රුසියාවේ කිසිම රජයේ පාසලකට අපිට වගේ නම් නෑ. ඒ වෙනුවට රුසියානු පාසල් නම් කරන්නේ අංකයකින්. ඒ නිසා කිසිම ඉස්කෝලයක් අරකට වඩා මේක උසස් පහත් කියල බෙදීමක් දරුවන් අතරෙවත් දෙමව්පියන් අතරෙවත් හැදිලා නෑ. පාසල් බහුතරයක් අයිති රජයට. පහසුකම් හැම පාසලකම වගේ සමානයි. පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම ඇමෙරිකානු - බ්‍රිතාන්‍ය පෞද්ගලික පාසල් බෙහොමයක් තියෙනවා.
ඒත් ප්‍රදර්ශන කුටියට ගියාම මට ඇස් අදහගන්න බැරිව ගියා. 3D තාක්ෂණයෙන් බිත්ති පුරා එල්ලෙන සමනල්ලු, ගස්වැල්, ආලෝක කදම්බ, ඇස් ඉස්සරහා ඇද හැලෙන තරු කැට දිගේ තමයි මම ඇවිදගෙන ගියේ...හරියට සුරංගනා ලෝකයක මිනිත්තු ගාණක් ජීවත් වුනා වගේ.




