ඔන්න අද කියන්න හදන්නෙ රුසියානු තේ කතාවක්...
රුසියානු කතන්දර කියවපු කාටවත් සමෝවාර්* (Samovar) මඟ හැරෙන්න හැටියක් නෑ. සමෝවාරයේ වතුර පැහෙද්දි ඒ වටේ ඉඳගෙන තේ බොන රුසියානුවෝ, ඒ හැමෝටම මුණ ගැහිලා ඇති.
මේ වගේ පුදුම තරම් ලස්සන සමෝවාර් රුසියාවේ කඩවල් වල තවම විකුණන්න තියෙනවා...සමෝවාරය කියන්නේ රුසියානුවන්ම හදපු එකක් නේ. ඊට පස්සේ තමයි ඉතින් ඒක නැගෙනහිර යුරෝපයෙත් බටහිරත් සමහර දකුණු ආසියාතික රටවලත් ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ. සමෝවාරය ගැට ගැහෙන්නේ රුසියානුවන්ගේ පුදුමාකාර තේ බීමේ ඇබ්බැහියත් එක්ක.
ඇන්ටික් සමෝවාර් එකක් මැදි කරගත්ත ලෙමන් මුහු චායි... තේ හැදෙන රටේ තේ සංස්කෘතියක් අපිට නැතිවුනාට තේ කියන්නේ රුසියානු සංස්කෘතියේ මහා පදාසයක්.
රුසියානුවන්ගේ වොඩ්කා බීමේ තරම, පහුගිය සටහනෙන් මම කිව්වා නේ. කිසිම තර්කයක් නෑ රුස්සො කියන්නේ වොඩ්කා බීමේ කප්පිත්තෝ. හැබැයි විශ්වාස කරයි ද දන්නේ නෑ... රුසියානුවෝ වොඩ්කා බොනවට වඩා කලු තේ (Black tea) බොනවා කිව්වොත්... ඒත් ඒක එහෙම තමයි.

මම කියවලා තියෙන හැටියෙන් රුසියානුවන්ගේ මේ තේ බීමේ ඇබ්බැහිය පටන් ගන්නේ සාර් පාලන යුගයේ ඉඳලා. මුලින්ම චීනෙන් තමයි තේ කොළ ඇවිත් තියෙන්නෙ. ඒ කාලේ හැටියට චීන තේ කොළත්, රුසියානු සමෝවාරයත් සුඛෝපභෝගී දේවල් හැටියටයි තිබිලා තියෙන්නෙ. කොටින්ම කිව්වොත්, සමෝවාරයක් නැති රුසියානු ගෙයක් දුප්පත්කමේ සංකේතයක් වෙලා තියෙනවා. පස්සෙන් පහු ඒවා ඉතින් හෙමි හෙමින් වෙනස් වෙලා සමෝවාර නැති රුසියානු ගෙයක් නැති තරමට සුලභ වෙනවා.
හැබැයි අද, පුදුම තරම් අලංකාර මෝස්තර වලින්... පාටවලින් හැඩ වුන සමෝවාර, රුසියානුවන්ගේ තේ මේස හැඩ කරන්නේ නැති ම තරම්... රුසියානු උරුමයක් හැටියට, නිවෙස් අහුමුළු සරසනවා විතරයි.
රුසියානු තේ මේසයක්...ඒ මොනව වුනත් රුසියානුවන්ගේ තේ බීමේ ඇබ්බැහියේ නම් කිසිම වෙනසක් නෑ. අද වෙන කොට අපෙන් තේ මිලදී ගන්න ප්‍රධානම රටක් තමයි රුසියාව කියන්නේ.
රුසියානුවෝ ලංකාවේ තේ හඳුන්වන්නේ සෙයිලෝන්ස්කි චායි කියල.
මම ආවේ ලංකාවෙන් කිව්වට රුසියානුවන්ට තේරෙන්නේ නෑ. ගොඩක් දෙනෙක් දන්නෙත් නෑ. එහෙම වෙලාවල්වල මට උදව්වට එන්නේ සෙයිලෝන්ස්කි චායි තමයි ඉතින්.
දවසක් මම කඩේ බඩු ගන්න අතරේ ආච්චි කෙනෙක් ඇවිත් අහනවා ඔයා කොහෙන්ද කියල. මට ඉතින් රුසියානු භාෂාව බෑනේ. මගේ මිත්‍රයෝ ලංකාවේ නම, හරෝ හරෝ කියනවා... සෙයිලෝන්... සිලෝන්... සිරිලංකා ... ඒත් කොහේද... ආච්චිට තේරෙන්නෙම නෑ.

මේ ඉන්නේ අර මම කියපු ... රත්තරං දත් දාපු ආච්චි... සෙයිලෝන්ස්කි චායි වලින් විතරයි එයා ලංකාව දන්නේ...අන්තිමට මම තේ කොළ මතක් කරා. අන්න එතකොට එයාගේ මූණේ ඇදුණු හිනාව... එයාගේ රත්තරං දත් දෙක දිලිසෙන්න ගත්තා... (මෙහේ රත්තරං දත් නොදාපු ආච්චිලා සීයලා ඉන්නවා නම් ඒ බොහොම ටිකයි)
සෙයිලෝන්ස්කි චායි... එයා එහෙම මිමිණුවා... ලංකාව ම මගෙන් දැක්කා වගේ එයාගේ ඇස් මහා සතුටකින් පිරුණා. මටත් ඇවිදින්න ආසයි... මට සල්ලි නෑනේ කියල බොහොම ආදරෙන් ලෙන්ගතුව මගේ මුණ අත ගෑවා. එයාගේ ගෙදර අංකෙ කියල තේ එකකටත් ආරාධනා කරා. (ඒ වුනාට ආච්චිව බලන්න යන්න තවම මට බැරි වුනා )
මේ ඉන්නේ දිව්‍යාතයේ මායා ( මැයි 9) ජයග්‍රහණයේ දිනයේ දවසේ ගෙදර ඉස්සරහා බෙදපු සුප් බොන්න ගිහින් මුණ ගැහුණ ආච්චි කෙනෙක්... එයත් හිටියේ රත්තරං දත් දාලා...රුසියානුවෝ තේ බොනවා කියන්නේ අපි තේ බොන විදියට නම් නෙවෙයි. අපිට ඉතින් අමුත්තන්ට තේ දෙන්න මතක් වෙන්නේ නැගිටලා යන්න හදන වෙලාවට... නැත්නම් ඉතින් තේ එකක් බොමුද කියල අහන්නෙ තේ දෙන්නමත් නෙවෙයි නේ ...
ඔන්න ඔහොමයි රුසියානුවෝ කලු තේ බොන්නේ...ඒ වුනාට රුසියානුවන්ට තේ බොනවා කියන්නේ තත්පර කටු අමතක වෙන රස මොහොතක්. තමන්ගේ ගෙදරට එන අමුත්තන්ව මේසෙට වාඩි කරවලා කතාව පටන් ගන්නේම, තේ මේසේ සූදානම් කරල, ලෙමන් පෙත්තක් දාපු, උණුම උණු තේ කෝප්පයකුත් අතට අරගෙනමයි.
මේකට රුසියානු භාෂාවෙන් කියන්නේ පද්ස්තකාන්නික්* (podstakannik) කියල... ඒ කියන්නේ සරලවම glass holder එකක්. මේක රුසියානුවන්ගේ සම්ප්‍රදායික තේ පිලිගන්වන විදියක් වුනත් දැන් නම් පාවිච්චි කරනව මම දැක්කේ නෑ.එහෙම කඩා හැලෙන කයිවාරු අස්සේ කොයිතරම් තේ කෝප්ප ගාණක් බොනවද කියල කවුරුත් දන්නේ නෑ. රුසියාව කියන්නේ සීත කාලෙට අධික සීතල, හිම ඇදහැලෙන රටක් නේ. ඉතින් ඒ සීතලේ හැටියට ඕනම දෙයක් මේ දැන් ලිපෙන් බාපු ගමන් වුනත් සුරුස් ගාලා සීතල වෙනවා. වසන්ත කාලේ වුනත් හීතල හුළං එක්ක අතට ගන්න තේ කෝප්ප, කයිවාරු අස්සේ සැනෙන් නිවෙනවා.
ආන්න ඒකට උදව්වක් වුනේ සමෝවාරය. සමෝවාරයේ පැහෙන වතුර උණුසුම්ව තියාගන්නවා. බොහොම ඉස්සර නම් සමෝවාරවල වතුර රත් කරන්න, අඟුරු හරි ගල් අඟුරු හරි පාවිච්චි කරා කියනවා. ඊට පස්සේ නම් ඉතින් සමෝවාරය කියන්නේ ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් වගේ... තේ මේසේ කෙළවරක තියල, ප්ලග් කරලා වතුර නටව ගන්න එකක්...
ඒත්, අද ඉතින් රුසියානුවෝ ඊට වඩා පහසුවෙන් කේතලය ලිපේ තියල වතුර නටව ගන්නවා.
ගෙවුණු එක ඉරිදාවක, මම, රෝමාගේ ගෙදර, වල් මිදිවැල් දුවපු උද්‍යාන මේසේ ඉඳගෙන, සමෝවාරයෙන් උණුම උණු වතුර අරගෙන, වීදුරු ජග්ගුවක තේ කොළ පැහෙන්න අරිනවා. රෝමා ඒ ජග්ගුවෙන් මගේ කෝප්පේ පුරවලා ලෙමන් පෙත්තක් දාන ගමන් කියනවා... ජයානි... ඒත සෙයිලෝන්ස්කි චායි කියල (ඔයිට වඩා හොඳට මගේ නම කියන්න බෑ එයාලට).

මේ රුසියානුවන්ගේ සම්ප්‍රදායික පෑන්කේක්... බ්ලින්චිකි* (blinchiki) කියල තමයි රුසියානු භාෂාවෙන් හදුන්වන්නේ... මේ තියෙන්නේ ත්වෝරග් එහෙම නැතිනම් කොටේජ් චීස් පුරවපු බිලින්චිකි... මේවාට මස් පුරවලත් කෑමට ගන්නවා... පුදුම තරම් රසයි මොන විදියට කෑමට ගත්තත්...අන්න එතකොටයි මම දැනගන්නේ ලංකාවෙදි බොන්න නොලැබුන තරම් රස, ලංකාවේ තේ දල්ලෙන් පෙරිලා එන තේ කෝප්පයක රස, රුසියානුවෙකුගේ නිවසේ, එළිමහන් බංකුවක වාඩිවෙලා විඳිමින් ඉන්නවා කියල. (රෝමාට සමෝවාරය එළියට ගන්න වුනේ මගේ ඉල්ලීමට තමයි)
රුසියානු තේ මේසෙකට නැතුව ම බැරි දෙයක් ලෙමන් හෝ දෙහි පෙති. සීනි වගේම මී පැණිත් එකතු වෙනවා කැමති කෙනෙකුට මුහු කරගන්න.
හැබැයි රුසියානුවෝ කවදාවත් තේවලට කිරි නම් එකතු කරන්නේ නෑ. රුසියාවේ ගොවිපළවල් වලින් එන නැවුම් එළකිරි උණු කරල බොනවට වඩා සීත කරල තමයි රුසියානුවෝ බොන්නෙ. ලොකු කිරි බෝතල් කඩෙන් ගත්ත ගමන් බීබී යන්නේ හරියට අපි කොකා කෝලා ෆැන්ටා බෝතල් බොනවා වගේ.
මේ තමයි රසම රස කටේ දියවෙන රුසියානු මාර්ෂ්මෙලෝ... රුසියානු තේ මේසෙක, රස කැවිලි නම් වරදින්නේ නෑ. එහෙම රසකැවිලි අතරේ තියෙනවා මෘදු පැණි රසයක් එක්ක සිහින් ඇඹුල්මය මිහිරක්... දැනී නොදැනී කටේ දියවෙන... රුසියානු මාර්ෂ්මෙලෝ. රුසියානුවෝ ඒවාට කියන්නේ සෙෆීර් (Zefir) කියල.
අන්න ඒවා කාපු දවසෙදි තමයි මම තීරණය කරේ ලා රෝස පාට මාර්ෂ්මෙලෝ බෝතලයක් නැතුව නම් ලංකාවට යන්නේ නෑ කියල.
අන්න ඒවා කාපු දවසෙදි තමයි මම තීරණය කරේ ලා රෝස පාට මාර්ෂ්මෙලෝ බෝතලයක් නැතුව නම් ලංකාවට යන්නේ නෑ කියල.
කොටේජ් චීස් පුරවපු බනිස්...ත්වෝරග් (tvorog)* කියල රුසියානුවෝ කියන කොටේජ් චීස් (cottage cheese) පුරවපු උණු බනිස්... තනිකරම ත්වෝරග් වලින් හදන... කටින් කට ට මුද්දරප්පලම් හැපෙන... පෝරණුවෙන් ගත්ත ගමන් උණු උණුවෙන් හරි... සීත කරල හරි කෑමට ගන්න, සපිකන්කා* (Zapekanka) නැතිනම් කොටේජ් චීස් පුඩින්... රසම රස ඡෑම් මැදි කරපු කුකීස් වගේම තෝරග් හරි පළතුරු හරි පුරවපු පෑන් කේක්... රුසියානු පාතරාසයටත් එකතු වෙනවා.
මේවාට නම් ඇබ්බැහි නොවී ඉන්න කාටවත් ම බෑ.
එහෙම වෙලාවක, ලෙමන් පෙති මුහු වුන කලු තේ කෝප්පයක් නොබොනවා නම් ඒ නියම රුසියානුවෙක් නෙවෙයි.
උස් ම උස් හිනා හඬවල් අතරේ... එහේ මෙහේ හුවමාරු වෙන රස කැවිලි පිඟන් අතරේ... ලෙමන් පෙති මුහු වුන සෙයිලෝන්ස්කි චායි බීපු දවස් තමයි ජීවිතේ රහ ම දවස්...

මේ කොටේජ් චීස් (ත්වෝරග්) වලින් හදන කටින් කට මුද්දරප්පලම් හැපෙන් සපිකන්කා* ... මේවා කන හැම දවසකම මම දිව්‍යලෝකේ දොර ලගටම යනවා මම හිතන්නේ.තේ කතාව දිගු වුන නිසා පොරොන්දු වුන කචාපූරි කතාව වෙන දවසක අරන් එන්නම්... මාතෘෂ්කා බෝනික්කන් ගැන ලියන්න කියලත් ඉල්ලීම් ආවා... තව දවසක ඒ ගැනත් අනිවාර්යයෙන් ම ලියන්නම්...
(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
ජයනිගේ රුසියානු කතා :
බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ
රුසියානු කතා - (ජයනි අබේසේකර)