බංකොලොත් භාවයෙන් මිදීම තීන්දු කරන්නේ රටේ පාලකයා, පුරවැසියා නොව ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත්

මෙම ආයතන විද්‍යාත්මකව සංඛ්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව මේ ගැන සොයා මූල්‍ය වපසරිය ආර්ථික පසුබිම ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා එහි ධනාත්මක හා සෘණාත්මක පැති සංසන්දනය කර බංකොලොත්භාවයෙන් ගොඩ ආවාද නැද්ද කියා තීන්දු කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පාලන තන්ත්‍රය වැරදි ආකාරයට අප රට බංකොලොත්භාවයෙන් ගොඩ ආ බවට පවසන බවත් රටේ පාලකයාට පවා හරි අවබෝධයක් හා නිර්වචනයක් මේ ගැන නොමැති බවත් ඔහු කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (ජුනි 27) කළුතර හොරණ මොරගහහේන මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 266 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.


රටට සැබෑ තතු ලබා දෙන්න නොහැකි නායකත්වයක් ඇති විට රටට බොරු කර රට පාලනය කරන අයට තවදුරටත් ඉඩ දෙනවාද කියා පුරවැසියන් විසින් තීන්දු කළ යුතු බවත් බංකොලොත් රටේ අප ඇත්ත කතා කළ යුතු බවත් යථාර්ථය හදුනා ගත යුතු බවත් සටකපට දේශපාලන උපක්‍රම උපයෝගී කර ගෙන බොරුවෙන් වංචාවෙන් මුලාවෙන් තමන්ගේ පුටුව රැක ගැනීම එකම අභිප්‍රාය නොකොට මේ ගමනේ ඒකායන අරමුණ විය යුත්තේ ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජිවිතය සුඛිත මුදිත කිරීම බවත් ඒ පිරිසුදු අරමුණ පෙරදැරිව ජාතික න්‍යාය පත්‍රය ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසිය.


පුරවැසි කේන්ද්‍රීය පුරවැසි සහභාගීත්ව රාජ්‍ය පාලනය යුගයේ අවශ්‍යතාව වි ඇති බවත් මෑත කාලයේ බොහෝ කාලයක් මෙරට පාලකයන් පාලනය කළේ ජාතික න්‍යාය පත්‍රය සකස් වූයේ පෞද්ගලික ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට නමුත් ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය විය යුත්තේ පුරවැසි සහභාගීත්වයෙන් බවත් පුරවැසියන්ගේ පහළ සිට ඉහළට ගලා එන තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්තිය හා ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය විය යුතු බවත් එවිට පොදුජනතාවගේ අදහස් උදහස්වලින් පෝෂණය වූ දර්ශනයක් තුළ රට ගොඩගත හැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 266ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2897ක් වැය කර තිබේ.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්