ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් පැවසීය.


ඔහු එබව කියා සිටියේ, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව (United Nations Chiefs of Police Summit - UNCOPS 2024) අමතමිනි.

''ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ සාමය පවත්වා ගැනීම" යන්න තේමා කරගනිමින් පැවති සමුළුවට ශ්‍රීලංකාව නියෝජනය කරමින්  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහභාගී විය.

 

PHOTO 2024 06 30 11 34 38
සමුළුව අමතමින් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ප්‍රචණ්ඩ ගැටුම් වැඩිවීම, ගැටුම් කලාපවල සිටින සිවිල් වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය, සයිබර් අපරාධ සහ ආයුධ සන්නද්ධ තාක්ෂණය වැනි සාම්ප්‍රදායික නොවන තර්ජන මතුවීම ඇතුළු ගෝලීය ආරක්ෂක අභියෝගවල සංකීර්ණත්වය අවධාරණය කළේය. 

සංවිධානාත්මක අපරාධ සහ කල්ලි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඒවා අන්තර්ජාතික සාමයට ඇතිකරන අහිතකර බලපෑම ද ඔහු එහිදී සඳහන් කළේය. 

අන්තර්ජාතික ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රකාශ කරමින් මෙරට පිහිටුවා ඇති පොලිස් ඒකකය කෙරෙහි අමාත්‍ය අලස් විශ්වාසය පළ කළේය.

සංවිධානාත්මක අපරාධ සහ කල්ලි ප්‍රචණ්ඩත්වයේ තර්ජනයන්ට මුහුණ දීම සඳහා විශේෂිත පොලිස් ඒකක යෙදවීම ගැන සළකා බලන ලෙස අමාත්‍යවරයා සිය දේශනය අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

එවැනි තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ පළපුරුද්දක් ඇති පොලිස් නිලධාරීන් සහ අපරාධ අධිකරණ වෘත්තිකයන්ට සහාය වීමට හැකි විශේෂඥ දැනුම ඇති නිලධාරීන් යොමු කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව සමාන ආරක්ෂක අභියෝගවලට මුහුණ දෙන හවුල්කාර රටවල් සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

 




New advanced technologies opened new domains of security concerns - Tiran tells UN


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්