රටේ ගමන සාර්ථකව ගෙන යාමට නම් ජනතාවට බොරු කීම, වංචා කිරීම හා රැවටීම් සිදු නොකළ යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.


රටේ දේශීය හා විදේශීය ණය බරතාව ඇ. ඩොලර් බිලියන 100කට ආසන්න බවත් එම නිසා මේ මර උගුලින් එළියට ආ හැකි ක්‍රමවේදය සිතිය යුතු බවත් එහි දී රට බාරව කටයුතු කළ යුතු සියලු දෙනා මතක තබා ගත යුත්තේ රටේ තාවකාලික බාරකරුවන් බැවින් රට වෙනුවෙන් ගනුදෙනු කරන විට ගිවිසුම් ගසන විට තමන් ගැන, පැවැත්ම ගැන හෝ දේශපාලන ආයු කාලය ගැන නොව රට ගැන සිතා කටයුතු කළ යුතු බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

කළුතර බේරුවල සෑම් රිෆායි හජ්ජියාර් මහා විද්‍යාලයේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 276 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පාලකයා තමා ගැන නොව රටේ ලක්ෂ 220ක් ජනතාව ගැන සිතිය යුතු බව කී විපක්ෂ නායකවරයා තවදුරටත් රටේ ජනතාව රවට්ටන කාලය, මංමුලා කරපු කාලය අවසන් කළ යුතු යැයි ප්‍රකාශ කරයි.

බංකොලොත්භාවය යනු ණය ගෙවීමට ඇති නොහැකියාව බවත් ඉන් මිදෙන්නට නම් ණය ගෙවීමේ තත්ත්වයකට ආ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන විට රටට වාසිදායක අන්දමින් ජනතාවට වාසිදායක අන්දමින් එම ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාත්මක කළ යුතු බවත් කළබලයෙන් කරන්නට ගොස් පැවැත්ම අනුව ඒ කටයුතු කිරීමට ගියහොත් රටට ලැබෙන්නේ වාසිදායක නොවන ගිවිසුමක් බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.

රටත් එක්ක ජනතාවගේ ජන ජීවිත එක්ක සෙල්ලම් නොකරන ලෙසත් බොරු මත ඉදිරිපත් කර අසත්‍ය කරුණු ඉදිරිපත් කර රටේ ජනතාව මංමුලා නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

(චතුරංග මේදිස්)

 

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්