ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු කණ්ඩායමක් මාලිගාව ඇතුලේ කුමන්ත්‍රණ දියත් කිරිමට උත්සාහ දරමින් සිටින බවට ජාතික ජන බලවේගයේ නායකයා

ප්‍රකාශ කර තිබේ.

“රනිල් වික්‍රමසිංහ මාලිගාව ඇතුලේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත, කාවින්ද එක්ක කතා කරමින් ඉන්නවා. තැන තැන ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් මැතිවරණය මුහුණ දීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. උඩ කරන මාලිගා කුමන්ත්‍රණවලින් ජනතාවගේ නැගිටීම ආපසු හරවන්න බැරි බව තමයි මේ හොරණ ජනතාව ඒකරාශී වීමෙන් පෙන්නුම් කරන්නේ.” යැයි අනුර කුමාර දිසානායක කියා සිටියේය.

ජනාධිපතිවරණය කල් දැමීමට ගත් උත්සාහයන් අසාර්ථ විමෙන් අනතුරුව මැතිවරණය ජයග්‍රහණය කිරීමට කුමන්ත්‍රණ දියත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ජනතාව සංවිධානය කරමින් ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඡන්ද ව්‍යාපාරයක් දියත් කිරිමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව ද ජාජබ නායකයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ කඳවුර, සජිත් ප්‍රේමදාස කඳවුර, ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර ලෙස කණ්ඩායම් තුනක් ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළ ගැසී සිටින බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක එබව කියා සිටියේ, ''පුනරුදයට රටම එකට''ජාතික ජන බලවේගයේ කළුතර මහ රැලිය අමතමිනි.

 
(චතුරංග මේදිස්)
 
xgf5645fg

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්