ණය වු පමනින් රටවල් කඩා නොවැටෙන බව මෙන්ම නිසි දැනුමක්, අත්දැකීමක් සහිත නායකෙයෝ රටක් පාලනය කරනවා නම් රටක් ගොඩ දැමීමට හැකි

යැයි සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

රටට වාසියදායක විදියේ ණය යෝජනා පිළිගෙන එමඟින් රටට ලැබෙන මුදල් සඵලදායී ව්‍යාපෘති සඳහා යෙදවීමත්, රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහල නැංවීමත් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“කොරෝනා වසංගතයත් සමග කඩා වැටුණු ආර්ථිකය හිතුවට වඩා ඉක්මනින් ලෝකයේ ආර්ථික විද්වතුන් පවා පුදුමයට පත් කරමින් අද ශ්‍රී ලංකාව අළු ගසාදාලා නැගිටලා තියෙනවා.”

“රටේ පුරවැසියන් විදිහට 2022 අපි හිටියේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කළොත්, අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්, ප්‍රපාතයට ගියපු රට තිරිංග තද කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටට සුබ පණිවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙනවා.”

විදේශ සංචාරකයින්ගේ පැමිණීම, කෘෂි කාර්මික, කාර්මික, සේවා යන අංශ තුනේම පිබිදීමක් ඇති වී ඇතැයි සුගීෂ්වර බණ්ඩාර පවසයි.

“ඒක නෙමෙයි ද රටට, ජනතාවට සුබ වෙන පණිවිඩය, එබැවින් ඔබත් මමත් පතන අපරාජිත රටක් කරා මව්බිම ගෙනයන ගමනට ශක්තියක් වෙන්නැයි ඉල්ලා සිටිනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්