ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ ධුර කාලය 2024 නොවැම්බර් 04 වැනිදායින් අවසන්වේ.


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධුර 29කට දේශපාලන පක්ෂ පහකින් අපේක්ෂකයන් 85  දෙනකු තරග වැදුණු අතර එම ඡන්ද විමසීම 2019.10.11 දින පවත්වනු ලැබීය.

කෙසේවුවද, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය 2023 10.05 දින අවසන්වීමට නියමිතව තිබුණු අතර අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් 2023.07.18 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය 2024 නොවැම්බර් 04 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගනු ලැබිය.

එම ප්‍රාදේශය සභාව සඳහා නාමයෝජනා කැඳවීමේ බලය 2024 මැයි 04 දා සිට මැතිවරණ කොමිසමට හිමිව ඇත.

ඒ අනුව, ඇල්පිටිය ප්‍රදේශය සභා මැතිවරණය කැඳවීමේ නිවේදනය වහාම නිකුත්කරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ම මැතිවරණ කොමිසම් සභාවට බලපෑම් කර ඇතැයි වාර්තාවේ.

පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක් හා නව දේශපාලන පක්ෂ කිහිපයක් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස දිගින් දිගටම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයි එහි  අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිසිවක් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නැතැයි ද පැවසේ. 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්