තරුණ බව රැකගැනීමට අකමැති පුද්ගලයෙක් (කාන්තා සහ පිරිමි) සිටී නම් එම පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු විය හැකි ය.

එසේ නොවන ඕනැම පුද්ගලයෙක් තරුණ බව රැකගන්නට උපරිමයෙන් කටයුතු කිරීම අරුමයක් නොවේ. නමුත් සෑම පුද්ගලයකුට ම එය ඒ ආකාරයෙන් ම කළ නොහැකි ය. ඒ සඳහා ආර්ථික අපහසුතාවේ සිට වෙනත් විවිධ හේතු පැවතිය හැකි ය.

නමුත් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පවසන්නේ යට කී හේතු තරුණ බව රැකගැනිමට කිසිදු බාධාවක් නොවන බවයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ තරුණ බව රැක ගැනීම සඳහා අපට උදැසන ආහාර වේල ඉමහත් පිටුවහලක් සපයන බවයි.

එහි දී අප බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩා වැදගත් බව ද වෛද්‍ය තිමති වික්‍රමසේකර පවසයි. 

එසේ සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණක් අරබයා ද සහ උදෑසන ආහාර වේල තරුණ බව රැක ගැනීම උදෙසා කෙතරම් ප්‍රයෝජනවත් වනවා ද යන්න පිළිබඳව කරුණු පහක් ඔස්සේ පැහැදිලි කරන ආකාරය පහත පළවන විඩියෝව නැරඹීමෙන් ඔබට උගත හැකි ය.  

(ජයසිරි අලවත්ත)




worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්