leader s

ආණ්ඩුව දිගට හරහට නොයෙකුත් අන පනත් ගෙනෙමින් සිටිනවා. එක එක වෙනම ගත්තම ඒවා කාලීන ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරන බව පැහැදිලියි. 


නමුත් සමස්ථයක් ලෙස ගත් විට සිදු වෙමින් පවතින්නේ එක එක පිට සාධාරණීකරණයක් නැතිව පිහිටුවා ඇති රාජ්‍ය ආයතන පද්ධතිය තව දුරටත් ප්‍රසාරණය වීම බව පෙනෙනවා.  

මෙයින් වඩාත් ප්‍රශ්නකාරී වන්නේ වැඩි වෙමින් පවතින රාජ්‍ය කොමිෂන් සභා පද්ධතියයි. උදාහරණ ලෙස ස්ත්‍රී බල ගැන්වීමේ පනත ගනිමු. ඒකෙන් අලුත් කොමිසමක් සහ අලුත් දෙපාර්මේන්තුවක් ඇති කරනවා. නමුත් කාන්තාවන් සවි බල ගැන්වීමට අළුතෙන් කොමිසමක් හා දෙපාර්මේන්තුවක් යන දෙකක් අවශ්‍යද? අවශ්‍ය නම්, රාජ්‍ය වියදම අඩු කල යුතු තත්වයක් තුල, ඉවත් කරන්නේ වෙන මොන ආයතන යන්නත් මේ අවස්ථාවේ සලකා බැලිය යුතුයි. නැතිනම් වෙන්නේ පවතින හිඟන ආයතන පද්ධතිය තවත් හිඟමන් තත්වයට දැමීමයි.

ඇයි රාජ්‍ය ආයතන වලට විශේෂයෙන් කොමිෂන් සභාවලට හිඟන ආයතන කියල මම කියන්නේ? හේතු දෙකක් තියෙනවා. එකක මූල්‍යමය. අනික ඒවායේ ගෞරවය පිළිබඳවයි.

 

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පන්නනැයි නියෝගයක් !2022 ගණනයකට අනුව ලංකාවේ රාජ්‍ය ආයතන 1200 කට වැඩි ගණනක් තියෙනවා


2022 ගණනයකට අනුව ලංකාවේ රාජ්‍ය ආයතන 1200 කට වැඩි ගණනක් තියෙනවා. පළාත්, දිස්තික් හෝ ප්‍රාදේශීය මට්ටමේ ආයතන අයින් කළොත් මධ්‍යම රජයේ ආයතන ගණන 675 යි. මෙයින් 107 ක් දෙපාර්තමේන්තු. 246 ක් රාජ්‍ය ව්‍යවාස. 322 ක් ව්‍යවස්ථාපිත ආයතන. මේවායේ සේවකයන් ගණන ලක්ෂ 15කට කිට්ටුයි. අපි ඉන්නේ මේ අයට ගෙවන වැටුප ජීවිකාවට මදි කියන මැසිවිලි පමණක් නොව ස්ට්‍රයික් කිරීම් හෝ ස්ට්‍රයික් කිරීමේ තර්ජන මැද.

සියලු ආණ්ඩු විසින් කරන්නේ වැටුප් කොමිසම් පත් කරමින් වැටුප් ප්‍රශ්නය කල් අරින එකයි. ඒ ගමන් බල පුළුවන්කාරකම් ඇති වෛද්‍යවරුන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වගේ අයට අත යටින් අර දීමනා මේ දීමනා දීලා ඒ අයගේ ගතමනාව වැඩි කර දෙනවා. එතකොට වෙනත් ශ්‍රේණි වල සේවකයන් විසින් අපිත් ජීවත් වෙන්නේ නැද්ද අහමින් ස්ට්‍රයික් කරනවා. අල්ලස් හා දූෂණ කොමිෂන් සභා වගේ අළුතින් නීතිමය ලෙස ශක්තිමත් කරන ලද ආයතනවලට දක්ෂ නීතිඥවරුන් හෝ විමර්ශන නිලධාරීන් බදවා ගන්න සල්ලි නැහැ. අළුතින් පිහිටුවන ලද කාන්තා කොමිසමටත් ඔය ඉරණමම තමයි.

 

රජයේ සේවක වැටුප රු.10,000කින් නගී ! අර්බූදයෙන් ගොඩ එන්නත් රාජ්‍ය සේවයේ සැමට සාධාරණ වැටුප් වැඩි කිරීමක් යන දෙකම කරන්න බැහැ රාජ්‍ය ආයතන හා ඒවායේ සේවකයින් ගණන අඩු නොකරමින්.

කලින් කොලමකින් මම කිවුවා වගේ එක වෘත්තීය සමිතියක්වත් ඉවක් බවත් නැතිව ආයතන පිහිටුවීම හෝ නැති රස්සා මවා දේශපාලන අවශ්‍යතා වලට රස්සා දෙන කොට හූම් කිවුවේ නැහැ. ඒ අයගේ ඒ නිහඬ එකඟතාවය අද පාරා වළල්ලක් වගේ ඔවුන් වෙත නැවත යොමු වෙලා. සාධාරණ පඩියක් දෙනකොට දේශපාලන උවමනාවට හදපු රස්සා කියලා වෙන් කරන්න බැහැ. අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන යන දෙකටම එක වගේ දෙන්න වෙනවා. අර්බූදයෙන් ගොඩ එන්නත් රාජ්‍ය සේවයේ සැමට සාධාරණ වැටුප් වැඩි කිරීමක් යන දෙකම කරන්න බැහැ රාජ්‍ය ආයතන හා ඒවායේ සේවකයින් ගණන අඩු නොකරමින්. එහෙම නැතුව කරන්න කවුරු හරි පොරොන්දු වෙනවා නම් ඒක රැවටිල්ලක්.

2015 සිට මේ වන විට වත්මන් පාර්ලිමේන්තුව විසින් තවත් අලුතෙන් ව්‍යවස්ථාපිත ආයතන 15 ක් සම්මත කරලා තිබෙනවා. මේ අලුත් ව්‍යවස්ථාපිත ආයතන 15 නම් -- කොළඹ වරාය නගර ආර්ථික කොමිසම; දත්ත ආරක්ෂණ අධිකාරිය; පුනරුත්ථාපන කාර්යාංශය; අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරිය; ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය; පාර්ලිමේන්තු අයවැය කාර්යාලය; ජාතික ජල විද්‍යා කාර්යාලය; මාර්ගගත ආරක්ෂණ කොමිසම; ආරක්ෂිත ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරිය; ජාතික විදුලි උපදේශන සභාව; ශ්‍රී ලංකා ආර්ථික කොමිසම; ආයෝජන කලාප ශ්‍රී ලංකාව; ජාත්යන්තර වෙළඳාම සඳහා කාර්යාලය; ජාතික ඵලදායිතා කොමිසම; ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය; හා ජාතික කාන්තා කොමිසමයි.

මේවා සැම එකක්ම එම පනත් ප්‍රකාරව සංස්ථාපිත මණ්ඩල වෙනවා. ඒවාට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ආදිය තිබෙන නමුත් ඒවා සංයුක්ත අරමුදලෙන් ප්‍රතිපාදන මත යැපෙන ආයතනයි.

 

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවි බල ගැන්වීම - (මහාචාර්ය සේමසිංහ දිසානායක)කාන්තා බල සම්පන්න ගැන්වීම පනත යටතේ පවතින ජාතික කාන්තා කාර්යාංශය දෙපාර්තමේන්තුවක් කිරීමටත් යෝජිතයි.

කාන්තා බල සම්පන්න ගැන්වීම පනත යටතේ පවතින ජාතික කාන්තා කාර්යාංශය දෙපාර්තමේන්තුවක් කිරීමටත් යෝජිතයි. තව තව ආයතන ඉදිරි කාලය තුලත් හැදෙයි. අවශ්‍ය නීති රාමුව හැදීමට ආණ්ඩුවේ හදිස්සිය තේරුම් ගන්න පුළුවන්. නමුත් මැතිවරණයකින් පස්සේ කාටවත් මේ තිබෙන හිඟන පඩි ගෙවමින් පවත්වා ගෙනයන හිඟන රාජ්‍ය ආයතන එක්ක දුවන්න බැරි බව තේරුම් කර දීම හා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම අපේ වගකීමක් කියලා මම හිතනවා.

 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට  නම් - (ආචාර්ය සුජාතා ගමගේ)(ආචාර්ය සුජාතා ගමගේ) 
සම සම්බන්ධීකාරක 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්