රටක් ලෙස බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව මෙන්ම සෑම පැත්තකින්ම හිර වූ ආර්ථික මරඋගුල් රැසක හිර වී ඇතැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


මෙවැනි තත්ත්වයක් උඩ රජයේ විසඳුම වී ඇත්තේ බදු වැඩි කිරීම බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඕනෑ ම ගැටලුවකට රජයේ විසඳුම වී ඇත්තේ බදු වැඩි කිරීම බවට චෝදනා කරයි.

ගම්පහ අත්තනගල්ල නිට්ටඹුව කිත්තම්මහර මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 271 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

රජය අයිඑම්එෆ් එකත් එක්ක ඇති කර ගත් ගිවිසුමට අනුව 2028 සිට නැවත ණය ගෙවිමට සිදුවන බව මෙන්ම 2033 සිට ගෙවීමට තිබූ ණය රජයේ නොහැකියාව නිසා 2028 සිට ගෙවීමට සිදුව ඇති බව ද හෙතෙම පැවසීය.

එසේම ඉදිරියට ණය ගෙවීමට රජයේ උත්තර වී ඇත්තේ බදු වැඩි කිරිම හා මහජනතාගේ මුදල්වලට පිට්පොකට් ගැසීම බවට චෝදනා කරන විපක්ෂ නායකවරයා, මේ ආකාරයෙන් රටේ ගැටලු විසඳිය නොහැකි බවත් රට තුළ අපනයන කේන්ද්‍රිය ආර්ථිකයක් නිර්මාණය කර රටේ ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න වැඩිදියුණු කරන්න රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බව අවධාරනය කරයි.

මේ ආකාරයෙන් රටේ ගැටලු විසඳිය නොහැකි බවත් රට තුළ අපනයන කේන්ද්‍රිය ආර්ථිකයක් නිර්මාණය කර රටේ ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න වැඩිදියුණු කරන්න රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසන්නේ.

 

සමගි ජන බලවේග රජයක් තුළ නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරිමට විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ඇති කරන බවත් අපනයන කේන්ද්‍රිය ආර්ථික වර්ධනයක් උදෙසා ජන සමාජයේ සියලු පාර්ශ්වකරුවන් එකට එකතු කර ගෙන අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් කරා යොමුවන බවත් තොරතුරු තාක්ෂණ අපනයන වේගවත් කරන්න ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ගතානුගතික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය සුහුරු කර්මාන්තය බවට පත් කරන බවත් මේ ආකාරයට කටයුතු කළොත් නියමිත දිනට ණය ගෙවීමෙ හැකියාව ලැබෙන බවත් මේ හැර වෙනත් ක්‍රමයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

''සමගි ජන බලවේග රජයක් තුළ ණය ගෙවන දිනය නැවත සාකච්ඡා කරනවා''

සමගි ජන බලවේග රජයක් තුළ මේ ණය ගෙවන දිනය 2028 සිට 2033 දක්වා ඉහළ දමා ගැනීමට කටයුතු කරන බවත් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මෙරට ජාතික න්‍යාය පත්‍රය ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ජන සමාජයම වෙලාගත් ආර්ථික වර්ධනයකට මෙන්ම සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයකට යොමුවිය යුතු බවත් බදු වැඩි කිරීමට මෙයට උත්තරය නොවන බවත් විපක්ෂ නායකයා තවදුරටත් පැවසිය.

(චතුරංග මේදිස්)




worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්