රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද

විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

එම ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ වෙත තුනෙන් දෙක ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් මේවනවිට මෙහෙයුමක් දියත් කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලියන ලද ග්‍රන්ථය දොරට වැඩීම අද (28) යොදා ගෙන ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික්‍රමසිංහට ඇරයුම් කර ඇත.

එම ග්‍රන්ථය දොරට වැඩීමත් සමඟ දියත් කරන මෙහෙයුම ජූලි 02 වෙනි දින ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙන් ම, මේ දක්වා පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂ පිල වෙත සමීප මන්ත්‍රීවරුන්ගෙන් ද කොටසක් දිනා ගැනීම දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට එම ඡන්ද විමසීම වඩාත් තීරණාත්මක වනු ඇති බවට අනාවැකි පළ වෙමින් තිබේ.

(මුලාශ්‍රය - lankatruth.com)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්