හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනු ලැබූ සෑම තීන්දුවක්ම ගෙන තිබෙන්නේ

මේ මහපොලොවේ ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා පවසයි.


අනාගත දරු පරපුරේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන් නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරන්නේ.

ඉදිරියේ දී පැමිණෙන කුමන අභියෝගයක් වුවද ජයගැනීමට හැකි බව මෙන්ම රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් සවිමත් දේශපාලන බලවේගය ලෙස නිරන්තරයෙන් පෙනී සිටින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ නගරයේ දී ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් "කැලණිය" ආසන සමුළුව අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසිය.

“අපි විශ්වාස කළා ත්‍රස්තවාදය අවසන් කිරීම වගේම මේ රට සංවර්ධනය කරා රැගෙන යන්න ඕන කියලා. එදා අධිවේගී මාර්ග හැදුවේ ඒ නිසයි. සමහරු හිතුවා අධිවේගී මාර්ගය හැදුවේ ඇඹුල්තියාල් ගෙන්න කියලා. ඇඹුල්තියාල් ද ගෙනාවා. ඒ අයත් රැස්වීම්වලට එනවා යනවා. නමුත් අපිට වැඩපිළිවෙලක් තිබුණා. කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධ කරන්න අපිට අවශ්‍ය වුණා. කොළඹ හා හම්බන්තොට වරායන් අධිවේගී මාර්ග පද්ධතිය තුළින් සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි කැලණිය වගේ අර්ධ නාගරික ප්‍රදේශ නාගරික සංවර්ධීත බවට පත්කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්නත් අවශ්‍ය වුණා. අපේ රටේ බොහෝ වෙලාවට එදා අපි ණය ගත්තේ තිරිගු පිටි ගෙනත් පාන් කන්න දෙන්නයි. සංවර්ධනය කරන්න නොවෙයි. නමුත් අපි ණය ගත්තේ මේ රටේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්නයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්නයි. නගරයේ දරුවන්ට ලැබෙන සම්පත් හා පහසුකම් ගමේ දෙමාපියන්ගේ දරුවන්ටත් ලබාදෙන්න අපි උත්සාහ කළා.”

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

(චතුරංග මේදිස්)
 


lalkfj34fdsf

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්