ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර

ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බව ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇතැයි ඉතාලියේ රැකියාවක නිරතව සිටින එමිල් රොහාන් පැවැසීය.

පිහි ඇනුම් පහර කෑ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම ශ්‍රී ලාංකික අඹු සැමිය යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නන් වන අතර ඔවුනට දරු දෙදෙනෙක් ද සිටිති.

ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත කරනු ලැබ ඇතැයි එමිල් රොහාන් වැඩිදුරටත් පැවැසීය.


(lankadeepa.lk - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්