රටේ රුපියල් හා ඩොලර් හිඟයක් ඇති තත්ත්වය තුළ අනීතික ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආණ්ඩුකාරවරුන්ට සමගි ජන බලවේග

රජයක් තුළ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදුවන බවට විපක්ෂ නායකවරයා අනතුරු අඟවා තිබේ.

මේ වන විට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අනීතික දේශපාලන පත්වීම් දෙමින් යන බවත් මැතිවරණ නොපවත්වා අයාලේ යන පළාත් පාලන ආයතනවලට ආණ්ඩුකාරවරුන්ගේ ලිපියෙන් ගෝල බාලයන් පත් කරන සූදුවක් දකුණු පළාතේ ක්‍රියාත්මක බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ජුනි 29  ගම්පහ මහර වත්තල හුණුපිටිය එඩේරමුල්ල ශාන්ත සෙබෙස්තියන් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 273 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙවැනි වරදක් සිදු කර නොකරන ලෙස ආණ්ඩුකාරවරුන්ට දන්වන විපක්ෂ නායකයා බංකොලොත් රටක මෙවැනි මුදල් නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අයිතියක් නොමැති බව පවසයි.

පාසල්වල අඩුපාඩු රැසක් තිබිය දී මුදල් උපයෝගී කර ගෙන අයාලේ යන ඡන්දයක් නොමැති පළාත් පාලන ආයතනවල තමන්ගේ ගෝලයන් පත් කරන අශිෂ්ඨ ව්‍යාපෘතිය නතර කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ආණ්ඩුකාර නාමයේ ගරුත්වය රැකගෙන මෙවැනි පහත් ක්‍රියාදාම ක්‍රියාත්මක නොකර සීමාසහිත සම්පත් දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

(චතුරංග මේදිස්)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්