ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතව තිබේ.


අගවිනිසුරුවරයා ඉදිරියේ තමා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දෙන බව "අද දෙරණ" කළ විමසීමකදී පාරින්ද රණසිංහ පවසා ඇත.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් ගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කිරිමට පියවර ගෙන තිබේ.

ඔහු නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වෙයි.

 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්